"ගුඩ් මෝනින්ග් මචං!"
"මෝනින්ග් මෝනින්ග්! කෝ උඹෙ ෆ්ලයිට් එක ගියාද?"
දවසක් දෙකක් ඉස්කෝලෙ නොගියට ආයෙ ඉස්කෝලෙට යද්දි මට නිකන් හත් අවුරුද්දක් ගෙදර ඉඳලා ආවා වගේ හැඟීමක් දැනුනා.හැබැයි ඉතින් සුපුරුදු පරිදි ගේට් එකෙන් ඇතුල් වෙද්දිම නිම්නයා සක බඹරෙ වගේ ඇවිත් මගෙ කරේ එලුන්නේ බෑග් එකේ තිබ්බ බර දෙගුණ කරගෙන.
ඒ අස්සෙ අර අලුත් ප්‍රිෆෙක්ට් බෝඩ් එකේ උනුත් අත් පිටිපස්සට කරන් ගේට් එක ගාව ඉඳන් පෝලිමට ගිටගෙන ඉන්නවා නිකන් ඉඩම් දෙකට බෙදනන්න ගහන වැටහිර කෝටු ටිකක් වගේ.ඒ පෝලිම ඉවර වෙන්නෙ බෝම්බ හොයන්න ආමි එකෙන් දානවා වගේ අපේ බෑග් චෙක් කරන්න ඉන්න අහවල් උන් ටිකකින්.
"යමන්"
"පොඩ්ඩක් හිටහන් චෙක් කරන් එන්නම්"
"අනේ කවුද බං ඕකුන්ව ගණන් ගන්නෙ? වරෙන් යන්න මොනාහරි කීවොත් මං බලාගන්නම්!"
නිම්නයට තදියම හින්දා ඌ මාවයි බෑග් එකයි ඇදගෙන පෝලිමේ නොයා පංතියට පනින්න දැඩි උත්සහයක් ගත්තා.හැබැයි මම නීති විරෝධි වැඩවලට ආස පොරක් නෙවෙයි.මගෙ බොක්ක වුනත් කරන්න දෙයක් නෑ සගෝ මං නීතියට යටයි.ඒක හින්දා මං චෙක් කරන තැන පෝලිමක ගිහින් හිටගත්තා.අර යකාට තද වෙලා මටත් විරිත්තගෙන චෙක් කරන තැනින් එහාට ගිහින් මං එනකල් ඉස්කෝලෙ ඉස්සරහ බැම්ම අයිනෙ තිබ්බ අරලිය ගහේ හිටිය කාක්කො ගනන් කරන ගමන්.
"අහ්,ගුඩ් මෝනින්ග් ඕෂධ මල්ලි"
කවුද ඩෝ පිටස්සෙ ඉඳන් කනට එබුන එකා.අහලා පුරුදු කටහඬක් හින්දා මං නිකමට හැරිලා බැලුවා.වෙන මොකාද ඒ හිටියෙ අර දැල්වෙන පහන.මූ දහතුනේ එකෙක් වෙලත් තාම බෑග් චෙක් කරන්ද යන්නෙ.අන්න බලහන් අපේ වීර සික්ඛයො.
"ග්.. ගුඩ් මෝනින්ග් පහන් අයියෙ"
"දැන් උණ හොඳද?"
"ඔ.. ඔව් අයියෙ"
මූ කොහොමද මට හැදිච්ච උණේ ගැන දන්නෙ.ඇත්තමයි මූ මගෙ කොහොමහරි සීසීටීවි එකක්වත් හයි කරලා තියෙනවද දන්නෑ.නැත්තම් මුට පේන බලන හැකියාවක් ඇති.නැත්තම් කොහොමද ඩෝ මූ මං ගැන එච්චරටම දන්නෙ.
YOU ARE READING
මණ්දාකිණි | BL | Horror | Ongoing
Non-Fiction"සමහර හිත් මුණ ගැහෙන්න ආත්ම ගානක් පෙරුම් පිරුවත් මදි" "ආත්ම ගානක් වුනත් මොකෝ මුණ ගැහෙනවනම්?" "දවල් හීන මවන්න එපා බං!" -24.10.30