"හොඳ වෙලාවට අපිට හම්බවුනේ!උඹ අඬන්නෙ මොකටද ශවී? මූ මැරිලා නෑ කියලා අයියා කීවනෙ?"
"මූ පව් යකෝ! බලපන්කො මුගෙ මූණ? කොහොමද යකෝ මේක දිහා බලන් ඉන්නෙ?"
"මට අර බල්ලව අහු වුනොත් මං ඕකව මරනවා ශවී! ඇයි යකෝ මේ පොඩි එකාට මෙහෙම කරන්නෙ? මූ මොනවද දන්නෙ?"
"උඹත් ගිහින් පැටලියන් පුළුවන් නම්! පාඩුවේ හිටහන් මාව නරක මිනිහා කරගන්නැතුව!"
මං කොහෙද ඉන්නෙ.මොනවද වෙන්නෙ.කිසි දෙයක් මම දන්නෙ නෑ.හැබැයි මට මගෙ දකුණු අතේ නහරවලින් ලොකු වේදනාවක් දැනුනා.අහලා පුරුදු කටහඬවල් දෙකක් මාරුවෙන් මාරුවට මගෙ කන් වල වැදුනා.ඒ අතරින් නොනවත්වා ඇහෙන තව එක සද්දයක් තිබුණා.මට ඇස් දෙක අරින්න ඕනි වෙලයි තිබ්බෙ.ඒත් ඒවා ඇරෙන්නෙ නෑ.මගෙ තොල්වලට සුප' ග්ලූ හැලිලා වගේ.ඒ තරම් තදින් ඒවා එකට පැටලිලා.මට කොච්චර වේදනාවක් දැනුනත් මේ වෙද්දි මම හිටියෙ සැහැල්ලුවෙන්.මොකද කීවොත් මට කිසිම හැඟීමක් දැනුනෙ නෑ.
"අහ්,අරුනෝධ්‍ය? ගෞරවීට කතා කළාද?" එතන හිටියෙ කොල්ලො දෙන්නෙක්.එක්කෙනෙක් අරුනෝධ්‍ය නම් අනික් කෙනා මොකාද කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ.ඒ හිටියෙ ශවීන් අයියා.එතකොට මේ වෙලාවෙ සුදු කබාය දාගත්තු ඩොක්ට' කෙනෙකුත් එතනට ආවා.ඩොක්ට' කීවට මේ හිටියෙ ඇත්තටම ශවීන් අයියගෙ ලොකු අයියා.එක අතකින් මාව මේ දෙන්නට හම්බුන එකත් හොඳයි.නැත්තම් සමහර විට මම තාම පාරෙ කොහෙහරි වැටිලා ඉන්න තිබුණා.නිදහසේ මැරෙන්නවත් නෑනෙ.මගුල!
පොඩ්ඩක් හෝව්..! ගෞරවී? අනේ දෙයියනේ අක්කට කියන්න එපා යකෝව්ව්.අක්කා මාව මෙහෙම දැක්කොත් මොනායින් මොනා වෙයිද දන්නෑ.මෝඩ ඕෂධ! මට තිබුනා ටිකක් දුරදිග හිතන්න.ඒත් දැන් ඔක්කොම වෙලා ඉවරනෙ.අක්කා ආවොත් මං මෙතනම මැරිලා යයි.ෂුවර්.
"නැහ් අයියෙ.අක්කට කියනවට වඩා මේක වගකිව යුත්තට කියන එක හොඳයිනෙ?"
"ඒ වුනාට ඒ මෙයාගෙ අක්කනෙ?" අනේ ඩොකා අයියේ.. ඕකනම් කරන්න එපා ප්ලීස්..
"නෑ ලොකූ.. අක්කට කීවොත් අක්කා කලබල වෙයි.එයා යුනිවර්සිටි එකේනෙ ඉන්නෙ අනික.ළඟක ඉන්නවනම් කියන්න තිබ්බා.අවුලක් නෑ දැනටමත් වගකිව යුත්තා එනවා ඇති!"
YOU ARE READING
මණ්දාකිණි | BL | Horror | Ongoing
Non-Fiction"සමහර හිත් මුණ ගැහෙන්න ආත්ම ගානක් පෙරුම් පිරුවත් මදි" "ආත්ම ගානක් වුනත් මොකෝ මුණ ගැහෙනවනම්?" "දවල් හීන මවන්න එපා බං!" -24.10.30