2 වන දිගහැරුම

362 34 2
                                    


වසර දෙකකට පෙර...

"ශෙයෝන් මන් අර කියපු ටික හරියට ඇරේන්ජ් කරා නේද?"

"ඔව් චෙෆ් මන් ඒ ටික ප්ලේට්ස් වලට දැම්මා ඉතුරු ඒවා රීෆිල් කරා"

"good දැන් බලන්න ආපහු පොඩ්ඩක්, අද වීකෙන්ඩ් නිසා ගෙස් ලා වැඩියි හවස් වෙද්දි යොහානිගෙ කොන්සර්ට් එක නිසා කොහොමත් හයිටී එකට එහෙම ගොඩක් බිසීවෙයි"

"okey chef, i'll check"

එදා ගොඩක් බිසී දවසක්. එයාෆෝස් ග්‍රවුන්ඩ් එක ඉස්සරහා බේරේ ලේක් එක අද්දර තට්ටු ගනනක් උස ක්‍රීම් පාට තරු හතෙන් දිලිසෙන හෝටලේ හවස තියෙන්න තිබ්බ යොහානිගෙ ලයිව් ඉන් කොන්සර්ට් එක නිසා වැඩ එක දෙක වෙලා තිබ්බේ. ඒ මදිවට වීක් එන්ඩ් නිසා කොන්සර්ට් එකට එන සෙනග හවස තිබ්බ හයිටී එකටත් වෙනමම බුකින් දාලා වෙනදා හයිටී එකක් වගේ නෙමෙයි වෙනදා වගේ තුන් ගුනයක් විතර ලොකු හයිටී එකක් තමයි අද තියන්න තිබ්බේ.

ඉතින් චෙෆ් කියපු විදියට මම ආපහු දුවල ගියේ උඩ තියන ලන්ච් බෆට් එකේ මොනාහරි හිස් වෙලා තියනවනම් ඒවා රීෆිල් කරන්න බලගෙන. ලන්ච් එකට ලොකුවට සෙනග නෑ ඒත් ඉන්න ටික දෙනා සෝමාලියාවෙන් බැහැලා වගේ ගමකට හරියන්න කනවා. එක්කෝ ඒකත් ඇත්ත රුපියල් පන්දාස් හයසීයක් ගෙවලා ආප්පයක් කාලා ප්ලේන්ටියක් බොන්න නෙමෙයිනේ. මෙහෙම හිතන ගමන් මම ඉවර වෙලා තිබ්බ කැරමල් පුඩින් එකයි වටලප්පම් ප්ලේට් එකටයි අලුත් ඒවා දාලා රීෆිල් කරා.

මේ වෙලාවේ බුෆේ එක තියන ඒරියා එකේ ඉන්න දෙන්නේ එක එක ඩිපාර්ට්මන්ට් එකෙන් එක චෙෆ් කෙනෙක්ට විතරයි. අනිත් ඔක්කොම ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් ඩිපාර්ට්මන්ට් අය. මෙතන නම් මට තනියක් නෑ කිචන් එකේ එවුන්ට වගේ මේකෙ අය මන් එක්ක හෙන ෆිට්. කිචන් එකේ නම් ඉන්නේ මහා යක්කු වගේ සෙට් එකක් නේ ඒ නිසා මන් කොහොමත් වුන්ට කැමති වුනේ නෑ. මරවන් වැඩ ගන්න බලාගත්තු සෙට් එකක් ඒකේ හිටියේ.

"chef can i have a soup spoon"

මම හා කියන්න වගේ ඔලුව වනලා ඒක ගිහින් f&b එකේ හිටපු එකෙක්ට කිව්වා. ඇයි යකෝ මන් මෙතන හැම රෝල් එකම ප්ලේ කරන්න ඕනෙද එහෙනම් මේ චෙෆ් කිට් එක ගලවලා management එකේ සර් කෙනෙක්ගෙ ඇදුමක් දාගන්නවනෙ මන්. හැදි දෙන්නයි බබාල නලවන්නයි කියන කියන අතට වැනෙන්න නෙමෙයිනෙ මන් ඉන්නේ. මම ඉන්නේ මගේ වැඩේ කරන්න.

ස්වේත හංස | ongoingWhere stories live. Discover now