දැන් ශෙයෝන් කියපු සින්දුවේ තිබ්බ උණුසුම හොයාගන්නවත් නෑ. මොකද ඒ උණුසුම දැන් අයිති වෙන කෙනෙක්ට ඒ ශාන්. ඒ උණුසුම එහෙම්මම තියාගෙන ඒ කෙනා නැවතුනේ ශෙයෝන්ගේ මූන ඉස්සරහට ඇවිත්."ශාන්..කිව්වෙවත් නෑනේ සින්දුවක් කියනව කියලා"
"ඉතින් ඒක හොදයිද ශෙයෝන්"
"හොදයිදත් අහනවා... යකෝ මට දැන් නිකන් හැගෙන්නෙ මගේ දෙපැත්තේ ලෝකප්‍රසිද්ද ගායකයෝ දෙන්නෙක් හිටන් ඉන්නව වගේ. බලපන්කෝ මුලු ඔක්කොම බලනවා"
ශාන්ගෙ ප්‍රශ්නෙට මම උත්තර දෙන්න කලින් ඒ කිව්වෙ කවීන්. හැබැයි එතන හිටපු අනිත් කෙනා කිසිම කතාවක් නැතුව මේසෙ උඩ තිබ්බ ස්ප්‍රයිට් බෝතලේ අරන් එක උගුරට බීලා දැම්මා.
"අඩෝ ඔව් බන් මරු. ලස්සනයි"
"තෑන්ක්ස් ශෙයෝන්. හෝප් යූ ලව් දැට්"
ශාන් ඔහේ කියලා මගේ උරහිසට තට්ටුවක් දාලා එයාගෙ පරන යාලුවො ටිකදෙනෙක් ඉන්න පැත්තට යන්න ගියා.
"වට් ද ෆ්‍රීක් ආ... හෝප් යූ ලව් දැට්? ඇයි තමුසෙ ඒකට ලව් කියල හිතල ඌ ඒක කිව්වේ"
"මම දන්නවද ඒයි ඌනේ කිව්වේ උගෙන් අහගන්න එපැයි ඔය සූප්පුව පැත්තකට දාලා"
මම හංස බාගෙට කටේ ගහගෙන හිටපු බීම බෝතලේ ඇදලා අරන් ඉතුරුවෙලා තිබ්බ බීම උගුරු දෙක තුනත් බීලා දාන ගමන් කිව්වා.
"ඔව් ඔව් පෙනෙයිනේ බලමුකො. මටනම් ඕකව දිරවන් නෑ අයියේ"
"නෑ සුදූ. ඇත්තටම ඌ හොද යාලුවෙක්. දන්නවද ඌ තමයි ඉස්සරලම මට කැම්පස් එකෙන් සෙට් වුනේ. ඌමයි ඇවිත් කතා කරේ බබා"
"ම්ම්ම්"
"මේ පොඩ්ඩක් ඉදපන් හරිද උබලගෙ ඔය කටවල් දෙක දිගා බලන් ඉන්න නෙමෙයි ආවේ. උබල දෙන්න ගැනම මම දන්නවනෙ. ඉරානෙයි ඊස්‍රාලෙයි වගේ, ප්ලීස් වදවත් ඇවිස්සෙන් නැතුව හිටපන්"
කවීන් කිව්වේ බැගෑපත් වෙන ගමන් වගේ කොන්දත් නමලා. ඒත් ඇත්ත ඇවිස්සුනොත් ඉදල ඉවරයි ඉතින්. ඒත් මෙතන ඇවිස්සෙන්න දෙයක් වුනේ නෑනේ මම කියපු එක ඇත්ත. ශාන් හොද යාලුවෙක් ලේසියෙන් කාටවත් හම්බෙන් නැති.
YOU ARE READING
ස්වේත හංස | ongoing
Non-Fictionආදරේ වැඩක් නෑ කියලා හිතන් හිටපු මම, ඔය දගකාර ඇස් දෙකට වශී වුනා හංස 🤍