22 වන දිගහැරුම

254 18 23
                                    


එදා තමයි ඒ අවුරුද්දේ අවසාන දවස. දෙසැම්බර් 31. මම දවසම කරේ සින්දුව පුරුදු වුන එක. මුල් පදේ කිව්වම අනිත් එක පැටලෙනවා අනිත් එක කිව්වම මුල අමතකයි. කොහොමහරි මම පුලුවන් උපරිමෙන්ම සින්දුව පැක්ටිස් කරා සෙනග ගොඩක් ඉස්සරහා චොර වෙන්නත් බෑනේ. සෙනග වගේද අර යක්දෙස්සා.

හවස 7 වෙද්දී හංස අපේ ගෙදර ආවා ඇවිල්ලා මට වද දිදී හිටියේ අද කියන සින්දුව අහ අහ. ඒත් ඒවා එහෙම කලින් කියන්න බෑනේ ඒ නිසා මම එක ඉගියක්වත් දෙන්න නම් ගියේ නෑ. එතකොට මූ මට මතක් කරනවා මට අමතක වෙලා ඉන්න රතු පටි කතාව. මූ කරාතේ වල රතු බෙල්ට් කාරයෙක්. කවද හරි මේකා කලු පටිය ගන්නේ මට ගහලා තමයි. ළගින් ගියොත් ඇහැක් නැති වෙන පාටක් තියන්නේ.

"කියනවකො ඕයි අගේ නොකර"

"කවුද මාව දැම්මේ ඒ මගුලකට"

"මම මමනෙ ඉතින්"

"එහෙනම් ඒ වෙනකම් හිටපන්"

"තමුසෙ හෙන දුශ්ටයි අයියේ"

"ඔව්"

"ඒ වුනාට එව්ව මට අදාල නෑ වෙන වුන්ට පෙන්නපම්"

"කමක් නැද්ද බබා වෙන අයට පෙන්නුවට"

ඇහැක් උස්සලා බෙල්ලත් හරවලා මම ඇහුවේ.

"මෙන්න දැන් ලැබුනු විශේශ පුවතක්...
කොළඹ තුන ප්‍රදේශයේ වුනු බහින් බස් වීමකින් එක් තරුණයෙකු විසින් තවත් තරුණයෙකුට ඔහුගේ නිවසේදීම පිහියෙන් ඇන රහස් ප්‍රදේශය කපා දමා මරා ඇති බව දැන් සුලු මොහොතකට පෙර වාර්ථාවී ඇත"

ළග තිබ්බ ෆෝන් එක අරන් ඒක මයික් එකක් වගේ තියාගෙන හංස මේ කාමරේ මැද්දේ බ්‍රේකින් නිවුස් එකක් දුනේ මගේ ඇගම හිරි වට්ටන ගමන්.

"තමුසෙ ප්සයිකො කිලර් කෙනෙක්ද සුදූ"

"ඔව්"

"පරාදේ මට තව ටිකක් හිතන්න තිබුනා.. කොහෙද ඉක්මන් වුනානෙ"

"අනේ මේ අයියේ..."

"යමු නේද සුදූ දැන්, කවීන් කතා කරාද?"

"ඔව් එයාලා ඇවිල්ල ඉන්නේ හවස ඉදන්"

"ඌට මොකද ඉතින් යාලුවො එහෙම ඉන්නවනෙ"

එහෙම කියාගෙන පහලට බැහැලා අම්මටත් කියලා අපි දෙන්න කැම්පස් එකට එන්න ආවා. පාටි එක තිබ්බේ කැම්පස් එකේම ෆ්ලෝ එකක. මාර සෙනගක් හිටියේ. ගොඩක් වෙලාවට අපේ යුනි එකේ ඔවෙන්ට්ස් තියන්නේ ඩේ ටයිම් එකට. එතකොට ලෙක්චර්ස් තියන අයට ජොයින් වෙන්න බෑ නේ. ඒත් මේක තියන්නේ රෑ නිසා අද හැමෝම වගේ ඇවිත් හිටියා. ටික වෙලාවක් ගියාම එතෙනට ආවේ කවීන්. ඒ වෙලේ හංස හිටියේ නෑ. එයාටත් මේකේ ඕගනයිසින් එකේ වැඩ වගයක් තිබ්බා ඒකට. ගිහිම් හිටියේ.

ස්වේත හංස | ongoingDonde viven las historias. Descúbrelo ahora