ඊයේ තෙමිලා තෙමිලා ඇවිල්ලා අම්මගෙන් ගුටිනොකා ගේ ඇතුලට යන්න යද්දී අන්තිමට වුනේ දොර ලගම තියන අම්මගෙ ආසම ලොකු මල්පෝච්චියත් පෙරලගෙන ගෙට පැන්න එක. අම්මගෙ තිබ්බ තරහ එක දෙක වුනා ඒකෙන්. අපි දෙන්නම පුලුවන් ඉක්මනින් කාමරේට පැනලා දොර වහගත්තේ මම එන ගමන් අයියගෙ පස්සටත් පයින් එකක් ගහගෙන. එනවා මෙතන පිදුරු දාන්න."ක්ක්ක්ක්හැක්ක්ක් ක්ක්හැක්ක්ක්"
"ආ හරිනේ පොඩි මහත්තයා ක්ක්ක්හැක්ක්"
"තමුසෙ තමයි අයියේ මටත් බෝ කරේ"
"මමද තෙමෙන්න ඇහුවේ"
"අන්න අම්ම එනවද කොහෙද තේ අරන් නිදි වගේ ඉන්නවා. කහින්න නම් එපා දෙන්නටම කන්න වෙයි"
හංස කියනවත් එක්කම මම ඔලුවෙ ඉදන් පොරවන් නිදි වගේ රගපෑවා.
"ආ තාම නිදි වගේ. මහන්සි ඇති දෙන්නට"
"ආ නෑ අම්මේ අයියා තාම නිදි. අම්ම වැඩට ගියේ නැද්ද අද"
"නෑ පුතේ. අද වෙන ගමනක් යන්න තියනවා හවස්වෙලා ඒ නිසා ගියේ නෑ"
එහෙම කියලා අම්මා මගේ ලගට ආවා.
"කෝ කෝ ආරූ නැගිටිනවා ලමයෝ බලන්න වෙලාව 12ටත් කිට්ටුයි
අම්මා එහෙම කියන ගමන් බෙඩ්ශීට් එක ඇදලා අයින් කරා.
"අනේඒඒඑ අම්මේඒ නිදිමතයි අනේ. ඔයාගේ චූටි පුතාට නිදාගන්න දෙන්නකො තවටිකක්"
"හොද චූටි, නෑ නෑ එව්වා ඉවරයි දැන් චුටි පුතා හංස ඔයා දැන් ලොකු එකෙක්"
"හංසව අරන් තියන්නේ කුණු ගොඩෙන් නේද අම්මේ"
"අම්මේ මූව අරගත්තේ අංගොඩින් නේද"
අම්මට අන්තිමට විසුමක් නැතුව ගියා. අයිය මලෝ දෙන්නා දෙමාරුවේ ප්‍රශ්න පෝලිමට අහපු එකෙන් අම්ම ආවටත් වඩා ඉක්මනින් කාමරෙන් ගියපු එක තමයි කරේ. ඒත් අම්ම දැනගෙන හිටියනම් ඒක මේ අම්මගෙ හොර කොල්ලො දෙන්නගෙ ප්ලෑනක් කියලා දැනුත් අයියට කියලා තමයි කොස්ස ගෙන්න ගන්නේ.
"අයියේහ් බෙහෙත් ගන්න වෙයි නේද?"
"අම්ම අර යනව කියපු ගමන ගියාම ගිහින් ශේප් එකේ ගමු. එතකන් ඉමු"
YOU ARE READING
ස්වේත හංස | ongoing
Non-Fictionආදරේ වැඩක් නෑ කියලා හිතන් හිටපු මම, ඔය දගකාර ඇස් දෙකට වශී වුනා හංස 🤍