ඊයේ වෙච්ච දේවල් එක්ක මහ පාන්දර වෙනකම්ම මට නින්ද ගියේ නෑ. ඇද පුරාම පෙරලි පෙරලි ඉදලා අන්තිමට මම නින්දට වැටෙද්දී පාන්දර 3ත් පහුවෙලා. හංසගේ බයික් එකයි අපේ කාර් එකයි දෙකම ඉන්ශුවරන්ස් එකෙන් අරන් ගියා. අයියනම් මට වචනයක්වත් කිව්වේ නෑ. ඕක අම්මට කිව්වොත් අයියටයි මටයි විසුමක් හම්බෙන්නේ නෑ ඒ නිසා ඒක අපි ගෙදර අයගෙන් වසන් කරගෙනම ඉන්නවා කියලා ඊයේ ප්‍රොමිස් වුනා. ඊයේ රෑම හංසගේ අක්කා හංසව ගෙදර එක්කන් යනවා කිව්වා කකුල විතරනෙ අවුල තිබ්බේ ඒ නිසා ඩොක්ටර් ඇප්‍රෝ එක හම්බුනාලු. මම ඇස් අරින්න කිසිම අදහසක් නැතුව තද නින්දේ ඇදට වෙලා එහෙම්මම හිටියා."ඕහ් මයි ලෝර්ඩ්, එලිය වෙලා පැටියෝහ් නැගිටින්න දැන්."
මගේ කාමරෙන්ම සද්දයක් ඇහුනත් මම නෙමෙයි ඇහැ ඇරියේ. එතකොට වෙලාව නමයට විතර ඇති.
"පුපට එලිය වැටෙනකන්ද යකෝ නිදාගන්නේ ඒව් ලැජ්ජාවේ බෑ නැගිටපන්"
එහෙම කියපු කෙනා කෙලින්ම ගිහින් කාමරේ ලොකු වීදුරු තියන ජනේලේ කර්ට්න් එක ඇකුලුවා. බැල්කනි එක හරහා එන ඉර එලිය එතකොට කෙලින්ම මගේ ඇදට් වැටෙන්නේ. මාව ඇහැරවන්න බැරි වුනාම අපේ අම්මත් කරන්නේ ඕකමයි. මම මගේ ජිවිතේට ආසම නැති දේත් ඕක.
"අනේ ඕයි අයියේ යනවකෝ වද දෙන්නේ නැතුව"
එහෙම කිව්වත් හරි එකපාරටම අතක් ඇවිත් මගේ පශ්චාත් භාගය රත්වෙන්න පහරක් එල්ලකරපු පාරට මමත් උඩ ගිහින් ඇදේ ඉන්දවුනා.
"ඒත්..., උබලා මොකද මෙහේ කොහොමද මෙහෙට..?"
අයියේ කිව්වට හිටියේ අයියා නම් නෙමෙයි. ජීවිතේට අපේ ගෙදර පැත්තපළාතටවත් ඇවිල්ලා නැති අඩුම මම අපේ ගෙදර ඇඩ්‍රස් එකවත් නොදන්න කවීනුයි ශානුයි.
"හෝව් හෝව් සරලයි, අයියගෙන් ඇහුවා පික් එකක් දාගත්තා අපි ආවා"
"ඔව් ශෙයෝන් ඊයේ අයියා කන්ටැක් එක දුන්න අපිට මොනාහරි තිබ්බොත් කියන්න කියලයි, උබේ හොර වැඩ කියන්න කියලයි"
කවීන් ප්‍රශ්න වලට උත්තර දෙනගමන් මට එහාපැත්තෙන් ඇදෙන් ඉදගද්දී. මේසෙ ලග තිබ්බ පුටුව පිටිපස්සට ඇදගෙන ඉදගන්න ගමන් කන්ටැක් කරගත්ත විස්තරේ සවිස්තරාත්මකව කිව්වේ ශාන්.
YOU ARE READING
ස්වේත හංස | ongoing
Non-Fictionආදරේ වැඩක් නෑ කියලා හිතන් හිටපු මම, ඔය දගකාර ඇස් දෙකට වශී වුනා හංස 🤍