"අම්මෝහ් ඉන්න බෑ ඔලුව පැලෙන්න වගේ"ඉළග දවසේ නැගිටිද්දිත් වෙලාව දයට විතර ඇති. නැගිට්ට වෙලාවේ තමයි තේරුනේ ඊයේ රෑ මොනාද වුනේ කියලවත් මතක නැති ගානටම මට වැඩි වෙලා කියලා. මීට කලින් කොච්චර නම් ඩ්‍රින්ක්ස් අරන් තිබ්බත් මෙච්චර ලිමිට් පැනලා ගිහින් තිබ්බේ නෑ.
"ආහ් නැගිට්ටද, ඊයේ මොනාද අර කිව්වේ"
"මො..මොන...මොනාද..මුකුත් නෑ"
"අනේ මන් දන්නේ නෑ අයියේ තමුසේ නම් පිස්සෙක් වගේ මොන මගුලක් කියෙව්වද කියල. හදලු තරුලු ඉරලු මටනම් තේරුන් නෑ"
ශෙයෝන්ට ඒ වෙලාවේ හිතුනා මොනා කියලා තිබ්බත් රට ගොනෙක් එක්ක හිටපු නිසා ඒ ගැන බයවෙන්න දෙයක් නෑ කියලා. කියපු දේවල් තේරුනේ නැත්තම් එච්චරයි.
"ඔලුව රිදෙනවා"
"වෙන කොහෙවත් නැද්ද"
හංස එහෙම කිව්වම මම ඇස් දෙකත් ලොකු කරගෙන බලාගෙන හිටියේ උගේ මූන දිහාමයි. ඌ ලාවට හිනාවෙලා ප්ලාස්ක් එක්ක තිබ්බ කිරි එකක් කෝප්පෙකට දාලා දුන්නා.
"මොනාද මේ"
"කුක්කු"
"ඔයාගෙද"
"අනේ මේහ්"
මම ජෝක් එකට කිව්වත් හරි පොර කිරි එක මගේ අතට දීලා එලියට යන්නගියා. කිරි නෙමෙයිනේ ලයිම් එකක් වගේ තිබ්බනම්නේ හරි. ඒත් මේ උදේ පාන්දරම ඕවා බොන්න බෑ. මම කිරි එක බීලා වොශ් එකක් දාගත්තා. අද අපි චෙක් අවුට් වෙන්න ඕනේ. හවස් වෙලා ගෙදර යන්න හිටියේ. හැබැයි වැහි පාටකින් අහස වෙලාගෙන තිබ්බ කලු වලාකුළු නිසා තවම හරියට තීරනයකට එන්න පුලුවන් වුනේ නෑ යනවද ඉන්නවද කියලා.
"මූ කොහෙද ගියේ"
මම එහෙම කියාගෙන එලියට ආවේ කිරි එක දීලා ගියඖ කෙනා මේ වෙනකනුත් කාමරේට ආවේ නැති නිසා පොර කොහෙද කියලා බලන්න. මම වටයක් දැම්මත් හොයාගන්න බැරි වුනා ඒත් අන්තිමට රෙස්ටොරන්ට් එක පැත්තට ගියාම එතන උස පුටුවක ඉදගෙන ඒකෙ බාර් එකේ ඉන්න කොල්ල එක්ක මොනාද කියව කියව ඉන්නවා.
"ආහ් ආවද ඔයා, ඔයා එනකම් හිටියේ කන්න යන්න"
"ම්ම්ම්"
YOU ARE READING
ස්වේත හංස | ongoing
Non-Fictionආදරේ වැඩක් නෑ කියලා හිතන් හිටපු මම, ඔය දගකාර ඇස් දෙකට වශී වුනා හංස 🤍