ඊයේ කතාවෙ අන්තිමට හංස ශෙයෝන්ට අයියේ කියලා කියපු පාර ශෙයෝන් ඒ සතුටට උඩ පනින්න ගිහිල්ලා බිමට වැටෙද්දී වැටුණේ ස්ටූල් එක උඩට ඒකත් පෙරලගෙන පොළොවට පතබෑවුණ පාර අන්තිමට හංසට ශෙයෝන්ව කාමරයට එක්කන් යන්න වුනේ එදා හංසෑක්සිඩන්ට් වෙලා ඉද්දි ශෙයෝන් හංසව එක්කන් ගිය විදිහට. කොහොමහරි ඊළඟ දවසේ උදේම දෙන්නම එකතුවෙලා කතා වුනේ දවසේ ප්ලෑන් මොනාද කියලා. හදිසියේ ට්‍රිප් එකක් දාගෙන ආවට කිසිම දෙයක් ප්ලෑන් කරලා ආවෙ නෑ."අද අපි එම් කේ"
"දන්නේ නෑ"
"මහලොවකට ට්‍රිප් එකක් යමු කියලා කියලා ඒකත් ඩවුන් සවුත්ම යං කියලා කියලා ආවට පස්සේ මොකද කරන්නේ කියලා ඇහුවහම දන්නෑලු හරිම අගෙයි පොඩි බේසිකයා"
"ඇවිදිමු"
"කකුල රිදෙනවා"
"අපි කිව්වේ නෑනේ උඩපනින්න කියලා"
"පැන්නේ නෑ පැනුනා"
...
"ඒ මල්ලි පැටියෝ මොකක්ද ඒ කිව්වේ ආපහු කියනවකො, ඊයේ මොකක් කියලද ඒ වෙලාවේ මට කතා කරේ"
"එහෙම හැම වෙලාවෙම ඒක මන්තරේ වගේ මතුරන්නේ නෑ"
"අහ් හාකො"
"සර්ෆ් කරමුද?"
"උදේම?"
"ඔව්"
"යන් එහෙනම්"
"කකුල?"
"මගේ තාත්වික රංගනය ඉදිරියේ එම රංගනයට රැවටි මා හට උදව් කළ ඔබට මාගේ හෘදයාංගම ස්තුතිය"
මං එහෙම කියනවත් එක්කම කොට්ටයක් කෙලින්ම මොන දිහාවට ඇවිල්ලා නහය කට සමතලා වෙන්න පාරක් වැදුනා.
"මරපන් මරපන්"
"දැන්ම බෑ"
එහෙම කිව්වේ හරියට මගෙන් පලිගන්න තියෙනවා වගේ. වෙලාවකට මම කියන ඒවට බයත් හිතෙනවා බොරුවත් සීරියස් ඇත්තක් වගේ කියනවනේ. කොහොම හරි ඊට පස්සේ අපි දෙන්නම ලෑස්ති වෙලා සර්ෆ් කරන්න ගියා මහා ලොකුවට රැල්ල තිබ්බෙත් නෑ හැබැයි එහෙමයි කියලා උඩ පැනගෙන අපි දෙන්නම ගියාට මම නම් කලින් සර්ෆ් කරලා තිබ්බෙත් නෑ හංස නම් ලාවට විතර දන්නවා මටත් කියලා දෙන ගමන් දෙන්නම ශේප් එකේ පැය දෙකක් විතර බීච් එකට වෙලා හිටියා.
YOU ARE READING
ස්වේත හංස | ongoing
Non-Fictionආදරේ වැඩක් නෑ කියලා හිතන් හිටපු මම, ඔය දගකාර ඇස් දෙකට වශී වුනා හංස 🤍