6 වන දිගහැරුම

244 25 4
                                    


"බ්ලා බ්ලා, කට වහපන් පොඩි එකා. උබේ අඩු කැඩුනත් කටනම් තියනවා"

මොකක් පොඩි එකා? මට ඔන්න මට තවත් ලොකු ප්‍රශ්නයක්. මුගේ වයස කීයද ඇත්තටම. කවීන්ටත් මූ පොඩි එකා කියන්නේ එක්කෝ මූ මට වඩා අවුරුදු දෙකක්වත් බාල වෙන්න ඕනේ. යකෝ මම මේ මෙච්චර චොර වෙලා බයවෙලා වගේ ඉන්නේ පොඩි ඇච්චෙක්ටද සැක් මටම ලැජ්ජයි. කමක් නෑ කමක් නෑ ශෙයෝන් දැන් තමයි උබේ වාරේ පොඩ්ඩක් ඉවසලා හිටපන්.

මම හිතින් ගොඩක් දේවල් ප්ලෑන් කරා. මගේ හෝ උගේ වැරැද්දකින් මේක වුන එක හරි මොනා වුනත් කොල්ලා පව් කකුල නැතුව කොහොමද තනියම වැඩක්වත් කරගන්නේ. මේ ලෝකේ කකුල් අතපය නැති මිනිස්සු කොච්චර නම් ඉන්නවද එයාලට කොහොම දැනෙනවා ඇතිද. එත් මෙහෙම එකපාරටම එහෙම වුනාම ඒක දරාගන්න අමාරුයිනේ. ටික දවසකින් ඉක්මනින්ම හොදවෙයි. දෙයියනේ කපන්නවත් වෙයිද. ව්ව්ව්ව්ව් ආරු හරි සිහියට වරෙන් උබට දෝදුද. කපන්න තරන් දෙයක් වෙලා නෑනේ මෙතන.

"ඕනෙ රෙද්දක් එහෙනම්"

"ඕනෙ රෙද්දක් නෙමෙයි සුදා. අද අපි තුන්දෙනාම ආවට හෙට ඉදන් එන්නේ මෙන්න මේ බබා විතරයි"

"මොකක්?"
"මොකක්?"
"මොකක්?"

කවීන් ඒ කියපු එක ඇහුවම එකම වචනේ තුන් දෙනෙක්ගෙම කටින් පිටවුනේ එකම වෙලාවෙදි.

"මොකද යකෝ මේ උබලගෙ කටවල් එකට පූට්ටුවෙලාද තියන්නේ එකම එක කියන්නේ"

"කවීන් උබ හදන්නේ මේ මාරයා එක්ක මාව තියන්නද ආ"

"මාරය මමද යකෝ කාගෙන බයික් එක හරහට දාපු උබනේ" මගේ හිත එහෙම කිව්වත් කටනම් එහෙම කිව්වේ නෑ. මම පාඩුවේ හිටියා.

"කවින් ශෙයෝන්ටත් වැඩ තියනවනෙ. අපි තුන්දෙනාම පුලුවන් වෙලාවට පුලුවන් දවසට ඇවිත් හංසට හෙල්ප් කරමු. අනිත් එක ඇක්සිඩන්ට් වෙද්දී අපි තුන්දෙනාම හිටුයේ එකටනේ."

පාඩුවේ හිටපු ශාන් ඒ වැඩේට එකහෙලා විරුද්ධයි වගේ කියල උගේ වචන වලින්ම තේරුනා ඒත් ශාන්ව ඇදගෙන කවීන් කාමරෙන් එලියට ගියා. මෙතන මොකක්හරි දෙයක් තියනවා.

"අනේ යකෝ ගොනෝ උබ දන්නවනෙ දැන් අවුරුදු දෙකක ඉදන් තියන තරහක් ඕක. ශෙයෝන් vs හංස තියන ද්වන්ධ සටන නවත්තන්න පුලුවන් හොදම විදිය බන් මේක. උන් එකට ඉදලා ෆිට් වුනොත් ආයේ දෙන්නගෙම ප්‍රශ්න වෙන්නේ නෑනේ බන්. මුන් දෙන්නගෙ වලි නෑ කියන්නේ අපේ එකාටත් පාඩුවෙ වැඩ කරගෙන ඉන්න පුලුවන්"

ස්වේත හංස | ongoingWhere stories live. Discover now