"තමුසේ?"....
"තමුසේ මොකද ඕයි මෙහෙ, මන් දන්න තරමින් අපේ කැම්පස් එකේ කිචන් එකක් නෑ, ආ එක්කෝ ඒත් මන් දැක්කේ නෑනේ ක්ලීනින් සර්විස් එකට අලුතෙන් කට්ටියගන්නවා කියලා නෝටිස් එකක්වත්"
කින්ඩියට වගේ මට හිනාවෙන ගමන් ඌ එහෙම කිව්වහමනම් මටත් ඉවසන් ඉන්න බැරි තරම් කේන්තියක් ආවා. ඒත් ආපු පළවෙනි දවසෙම බොරුවට ප්රශ්න දාගන්න ඕනෙ නැති නිසා මම පාඩුවේ කට වහගෙන හිටියා. අවුරුදු 2කට පස්සෙත් එදා වුන දේවල් එකපාරට මැවිලා පෙනුනා. කවුද හිතුවේ මූ මේකෙ ස්ටඩී කරනවා ඇති කියලා.ඒත් මට දැන් ඒවගෙන් වැඩක් නෑනේ. මන් ආවේ එක අරමුණක් හිතේ තියාගෙන. මට වටේ ඉන්න වුන්ගෙන් කොහෙත්ම වුවමනාවක් නෑ. හැබැයි මට තේරුනා කැම්පස් එක ඇතුලෙ වුනත් ටිකක් කල්පනාවෙන් ඉන්න වෙයි කියලා. මොකද මේ වගේ වුන් එක්ක ඉද්දී එහෙම ඉන්න එපැයි. අවුරුදු දෙකක් ගිහිල්ලත් මගේ මූණ මූට මතක තිබ්බ එකත් එක්තරා විදියකට පුදුම වෙන්න තියන කාරණාවක්. මටනම් ඒක කොහොමත් අමතක නොවෙන සිද්දියක් නේ.
"ඒ හස්සා ඕක අරන් වරෙන්කො බන් තිබහයි හොදටම"
අනිත් පැත්තෙන් ආපු කවුදෝ කෙනෙක්ගේ කෑ හැගිල්ලක් නිසා. අර පුද්ගලයට එතනින් යන්න වුනා හැබැයි ඌ නිකන් ගියෙත් නෑ කට කොනින් "පස්සෙ බලාගමුකො" කියලා කියාගෙන යනවා වගේ මට ලාවට ඇහුනා.
ඒ එක්කම වගේ ලෙක්චර් එක ස්ටාර්ට් කරන්න යන්නේ කියලා මැසේජ් එකක් ආපු නිසා මම ඉක්මනින් ආපහු රූම් එකට ගියා. එහෙම්මම වෙලාව නිකන්ම ගෙවිලා ගියා. හවස 5 වෙද්දී ලෙක්චර් එක ඉවර වුනා. පළවෙනි දවසනම් ලොකු අවුලක් නෑ. අවුලකට තිබ්බේ අවුරුදු දෙකක් යටගිය මතකයක් හිත උඩට ආපහු ආපු එක ඒත් එදා මම සද්ද නැතුව හිටියේ එතන කට්ටිය වැඩි නිසයි මම ඒකේ සේවකයෙක් නිසයි. අපිට අපේ කස්ටර්මර්ස්ලගෙන් අපි ගැන කම්ප්ලේන් ආවොත් ඒක ගොඩක් දුරදිග යනවා ඒ නිසා ඒ කාලේ හෙන බයෙන් ගෙවුනේ.
දැන් එහෙම නෑ දැන් ඒවගෙන් අයින් වෙලා වෙනම පාරකට අඩිය තියලනෙ ඉන්නේ. ඒ නිසා බයවෙන්න දෙයක් නෑ. ඒත් ඌ කලින් ඉදන්ම කැම්පස් එකේ ඉන්න එකෙක් වෙන්න ඕනේ එතකොට ඌට මේකේ ඕනෙ තරම් යාලුවො එහෙමත් ඇති. ඒකට මට, අර කවීනයයි ශානයි විතරනෙ තවම හරියට ෆිට්වුනේ. වෙලාවේ හැටියට ඒකත් ගොඩක් වටිනවා. ඉස්සරලම හම්බුනේ ශානා වුනාට කවීන් මාත් එක්ක හෙන ෆිට් අනිත් එක උගේ වයිබ් එකට මම හෙන ආසයි. නැව ගිලුනත් අර මොකක්ද චූන් කියන්නේ අන්න ඒ වගේ එකෙක්. වෙලාවකටනම් ඌ දෙන ආතල් ශානට දිරවන්නේ නෑ ඒත් ඒක දිහා බලාගෙන මටහරි හිනාවෙන්න පුලුවන්නේහ්.
YOU ARE READING
ස්වේත හංස | ongoing
Non-Fictionආදරේ වැඩක් නෑ කියලා හිතන් හිටපු මම, ඔය දගකාර ඇස් දෙකට වශී වුනා හංස 🤍