කොහොම හරි ටික වෙලාවක් යද්දි දෙන්නටම නින්ද ගියා. උදේ වෙනකම්ම සිංදු ප්ලේ වෙලා තිබ්බා. ඊළඟ දවසෙත් ලෙක්චර්ස් තිබ්බ නිසා උදේම නැගිටින්න උනා හැබැයි එදානම් අම්මගේ එලාම් එකට කලින් අපිට නැගිටින්න පුළුවන් උනා කලින් දවස ටිකක් කලින් නිදාගත්ත හින්දා වෙන්න ඇති."ඒ පොඩි එකා නැගිටපන් එලිවෙලා"
"ම්ම්ම්හ් හා"
"හා නෙමෙයි නැගිටපාආආආන් යක්දෙ... යන්න තියනවා"
"විනාඩි පහයි විනාඩි පහයි"
මම දන්නවනෙ නිදාගෙන නැගිටලා විනාඩි පහ කියලා නිදාගන්න නින්ද විනාඩි කීයක්ද කියලා. නිදාගෙන හිටපු විදිහට කරදර කරන්නත් දුක හිතුණ නිසා කමක් නෑ කියලා මම ගියේ මූණ හෝදගෙන එන්න. මම එන්න විනාඩි දහයක් විතර ගියා ඒත් මූ තාම පුප උඩ දාගෙන හොඳට නිදි. මම ඇඳේ තිබ්බ කොට්ටයක් අරගෙන පිට මැද්දට කොට්ටෙන් එකක් දීලා ඇරියා.
"ආව්... ශෙයෝන් කන්න හදන්නේ දැන් මගෙන් ආ"
"අම්මට සිරි අපේ හිච්චි මහත්තයාගේ කටත් දැන් ටික ටික එන්න එන්න වැඩි වෙනවනේ"
"ඔව් මොකද"
"පොඩ්ඩක් ඉදහන්, මේ සිරාවට උඹමද ඉන්නේ"
"නෑ ප**"
"ඌව මන් දන්නවා"
"හා"
"මේ මේ පොඩි එකා, දැන් ඔබ අපේ අම්මට අම්මා කියනවා නම් මට මොකක්ද කියන්න ඕනේ ආ"
"මහ ප*යා"
"උබේ කටට දැන් මන්..."
මම කියන්න ගියපු එක නතර කරගත්තේ, තවත් මුකුත් කියලා වැඩක් නැති නිසා.
"අයියා කියපන් භල්ලෝ අයියා"
"*යි#"
ලස්සනට කට හදාගෙන කට කැඩෙන වචනයක් කියාගෙන මම කොට්ට ගන්නවත් එක්කම අඩි දෙකෙන් ඒකා වොශ්රූම් එකට පැන්නා.
"වරෙන්කෝ එලියට තෝ"
මම එහෙම කියාගෙන පහලට ගියේ අම්මගෙන් කිසිම සද්දයක් තාම ආපු නැති නිසා. අපේ අම්මට අද ටිකක් නැගිටින්න පරක්කු වෙලා උදේ පහා මාරට තියෙන එලාම් එක වැරදිලා හවස පහ මාරට තියලා. ඉතින් මං පහලට ගිහිල්ලා අම්මත් එක්ක පොඩි කයියක් දාලා අම්මා හදලා දුන්න තේ දෙකත් අරගෙන ආපහු කාමරේට ආවා. එතකොට හංස ලෑස්ති වෙලා හිටියේ.
YOU ARE READING
ස්වේත හංස | ongoing
Non-Fictionආදරේ වැඩක් නෑ කියලා හිතන් හිටපු මම, ඔය දගකාර ඇස් දෙකට වශී වුනා හංස 🤍