02

392 52 29
                                    

(කතාව කියවද්දි උඩ දාලා තියන මියුසික් එක අහන ගමන් කියවන්න..)
..................................................................................................................................................

අහසුයි මමයි රෑට කෑම කාලා ඉස්තෝප්පුවෙ ඉදගෙන අත්තම්මා එනකන් බලන් ඉන්නෙ අර අපි දෙන්න හවස කතාවෙච්චි කතාව අත්තම්මා එක්ක කතා කරන්න බලාගෙන.

"අත්තම්මා අනෙ එන්නකො අප්පා ඔයා අද එන්නෙ නැද්ද මොනාද අනේ ඔයත් නිකන් ආච්චියෙක් වගේනෙ අප්පා ඇවිදින්නෙ."
.........

"ඇයි උබලට මාව පේන්නෙ ගැටිස්සියෙක් වගේද. අනේ මෙ ලොකු පුතේ උබ මගෙන් ඉලපත් පාර කන්න ආස ඇත්තම් කටවහන් හිටපල්ලා. යකෝ නාකි මට නිදහසේ ඉන්නවත් දෙන්නෑනේ." දැං ඇයි කියපල්ලකෝ උබට මේ තරන් තදියම මොනා අහන්නද දැං මට කතා කරේ..

හාන්සි පුටුවෙ ඉදගන්න ගමන් අත්තම්මා මගෙන් එහෙම ඇහුවෙ කවදාවත් නැතුව මගේ මේ කලබලේ දැකලා. ඇත්තටම මං ගොඩක් කලබල වෙලා ඉන්නෙ අත්තම්මා අපිට විස්තර කියයිද නැද්ද කියලා මගෙ හිතෙන් මං ප්‍රශ්න කරනකොට අහස් ආත්තම්මගෙන් අර කතාව ගැන අහලා තිබ්බා .

" දැං උබලට මොකටද ඔය පරන කතා. ඈ බං කොල්ලො. උබලා විස්සවිද්‍යාල ඉගෙන ගන්නවා කියලා ඉගෙන ගන්නෙ ඔව්වද කියපල්ලකෝ. උබල අනාගතේ යක්කු එලවන රස්සා කොරන්නද හදන්නෙ."
............................................................................

"අයියෝ නෑ අත්තම්මෙ මමයි ඔයාගෙ ලොකු පුතයි එකතු වෙලා කැම්පස් එකේ ප්‍රොජෙක්ට් එකකට මේ ගැන විස්තර හෙව්වා . කැම්පස් එකේ අපෙ පලවෙනිම ප්‍රොජෙක්ට් එකනෙ අත්භූත දේවල් ගැන හොයලා ඉදිරිපත් කරන එක. නැද්ද ලියම් කියපන්කො අත්තම්මට."

අහස් මාවත් අල්ලලා තඩි බොරුවක් කිව්වෙ අත්තම්මට දේක ඉවක් වැටුනොත් ඒක දැන ගන්නකම් ප්‍රශ්න කරන නිසා.. මමත් එ ගැන දන්න නිසා අත්තම්මට ඔලුව වැනුවෙ අහස් කියපු කතාව ඇත්තක් කියලා කියන්න ඕනි නිසා.
............................................................................

අත්තම්මා pov.

ඔන්න අහගනිල්ලා.....

මේ කතාව වෙලා තියෙන්නෙ මං ඉපදෙන්න තියා හිතලවත් නැති කාලෙක. ඔන්න ඒ දවස්වල අපේ පුන්චි අම්මලා එහෙම පොඩි කෙල්ල කාලෙ ලූ. ඉතින් අපේ සීයා ඒ කියන්නෙ අපෙ අම්මගෙ තාත්තා නැතිවෙලා අවුරුද්දක් විතර යද්දී අපෙ අම්මගෙ පවුලෙ අය ගිහින් තියනවා දෙනියායේ අපෙ ආත්තම්මගෙ මල්ලිගෙ ගෙදර පදිංචියට.

මහසොන් අඩවිය Where stories live. Discover now