03

391 69 21
                                    

*(උඩ දාලා තියන සින්දුව අහන ගමන් කියවන්න)*

(වසර 30කට පෙර අතීතය)

" සෝදිරිස් ගුරුන්නානේ සෝදිරිස් ගුරුන්නාන්සේ".....

"ග්..ගු.. ගුරුන්නාන්සේ.... ගුරුන්නාන්සේ...කොහෙද ඉන්නේ.. දෙයියන්ගේ නාමෙන් කියාපල්ලා කොහෙද ඉන්නෙ. හදිස්සියක් බොලව්."

"මොකද යකෝ කෑ ගහන්නෙ මම බීරි වෙලා කියල හිතුවද?

"අනේ ගුරුන්නාන්සේ"...

"මොකද බොල මේ කලබලෙන්.. ඇයි උබට දරුවෙක්වත් ප්‍රසූත වෙන්න එනවද මෙච්චර තදියම. හිමීට ආපු කාරනාව කිව්වනම්"

"උබ දන්නෙ නැද්ද මේක දේව අඩවියක් බව. එහෙව් තැනක මෙහෙම කෑ ගහන්න උබට කොහෙන් ආව හයියක්ද බොලව්. වස් වදී තොපිලට. කාලකන්නි හැත්ත. තුහ් ! විතරක්..."

සෝදිරිස් ගුරුන්නාන්සෙ ගෙදරින් එලියට එන ගමන් කිව්වෙ හිතට ආපු නොරිස්සුමත් එක්කමයි.

*"අනේ ගුරුන්නාන්සේ" ආන් සීතගෙ කෙලීවයි ඒකිලාගෙ මහ එකාව්....."*

ආ.ආ නන්දනයෝ කිසිම කාරනාවක් කතා නොකරම ඕන් ඔතනින් ඉද ගං" තෝ වචනයක් වත් කියනවාඑහෙම නෙමෙයි මම කාරනාව දන්නව බොල"

"මො.. මොක්කද්ද කිව්..ව්වෙ ග්..ගු..රුන්නාන්සේ... උබලා කොහොමැයි"

"උබලා ම‍ං ගැන තාම හරියට දන්නෑ බොලව්."..

සෝදිරිස් ගුරුන්නාන්සේ එහෙම කීව්වම ඇස් උඩ ගිය නන්දන කල්පනා කරේ මමත් සීතලාගේ ගෙදර ඈයොත් විතරක් දන්න කාරනාව ගුරුන්නාන්සෙ දන්නෙ කොහොමද කියල.

"මහ එකා නේද බොල ඇදං ගිහිං තියෙන්නෙ?

"එහෙමයි එහෙමයි"

දැං උන් දෙන්නගෙන් කෙලී ඉන්නවනෙ. දැං ඒකිට කතා කරන්න හෙම පුලුවන්ද?"

"ප්..පු...පුලුවන් අපේ ගුරුන්නාන්සේ..ඒත්.. ඒත් ඇයි ඒකා සීතගේ කොල්ලවම ඇන්න ගියේ"

නන්දන ගොත ගගහ අමාරුවෙන් උත්තර දුන්නේ මේ වෙන කිසිම දෙයක් හිතාගන්න බැරිවෙද්දී.

" ආ... එහෙනං ඔහොම ටිකක් ඉදින් අපිට ඒකිගෙන්ම මොකද්ද උනේ කියල අහ ගන්න බැරියැ".

මහසොන් අඩවිය Where stories live. Discover now