හූවක්. ලියම්ට ඇහුනේ වියරු වැටිච්ච හූ හඩක් . ඒත් ලියම්ට නවතින්න ඕන වුනේ නෑ. මොකද ලියම් එයාගෙ ජීවිතේ වගේම අහස්ගෙ ජිවිතෙත් අනතුරේ දැන්මෙ එයාගෙ මේ මොඩ තීරනයක් නිසා. එනිසා එයාට බෑ එයාට මොකක් උනත් අහස්ගෙ ජීවතේ අනතුරේ දාන්න.ලියම් දිව්වා අහස්වත් ඇදගෙන පුලුවන් උපරිමේටම දිව්වා. ඒත් ගලේ පන්සල තව දුරයි. කවද්ද ගමේ පන්සලක් කනත්තක් ලග තිබ්බෙ. ලියම්ට දුවාගන්න බැ. පපුව හිර කරනවා හුස්ම ගන්නත් අමාරුයි. කොච්චරක්ද කිව්වොත් දුවන දිවිල්ලට එයාගෙ බඩත් කොර වෙලා තියනකොට ගත දුර්වල උනත් හිත හයිය කරගෙන එයා දිව්වා. කකුල් දෙක වෙව්ලනවා වගේ දැනුනත් නවතින්නැතුව දිව්වෙ ජීවිතේ බේරගන්න ඕනි නිසා. ඒත් ඒ ඔක්කොම වෙනස් උනේ පාරෙ තිබ්බ ගලකට ලියම්ගෙ කකුල පැටලිලා වැටුන නිසා.
"දඩාස්!!!!"
ලියම්ව කකුල පැටලිලා වැටුනා. ඒකත් මුනින් අතට දුවපු වේගෙට ලියම්ගෙ නලල පැලිලා අතපය හීරිලා ගියේ ලියම්ගෙ අතින් අහස්ගෙ අතත් අතෑරිලා. ලියම්ට නැගිට ගන්න බෑ. මොකද ලියම්ගෙ කකුල ඇබරිලා වගේ එයාට දැනෙනවා. අහස්ට වෙච්ච දෙයක් එයාට හිතාගන්න බෑ. මොකද වැටුන විදියට ලියම්ට දැනුනේ එයාගෙ කන ඇතුලෙන් කීං ගාන සද්ධයක්.
නැගිටගන්න පුලුවන් උන තප්පරෙන්ම ලියම් බැලුවෙ අහස් කොහෙද කියන එක. ඒ වෙනකොටත් ලියම්ට ටිකක් ඉස්සරහින් වැටිලා හිටිය අහස්ට සිහියක් තිබුනෙ නෑ. මොකද කනත්තෙදි වෙච්ච සිද්ධියත් එක්කයි දැං මේ වැටුන එකයි දෙකම අහස්ට බලපාලා තියනකොට අහස්ගෙ සිහිය අහස්ගෙන් ඈතට ගිහින් තිබුනා වගේම අහස්ගෙ අතටත් ලොකු බලපෑමක් වෙලා තිබුනා. ලියම්ට දැනුනෙ හරි අසරන කමක් මොකද එයාට අහස්ව දාල දුවන්නත් බෑ. උදව් ඉල්ලලා කෑ ගහන්නත් බෑ. මොකද පාලු පාරෙ බල්ලෙක්වත් නැති වෙද්දි එයාට කරන්න පුලුවන් උනේ නොපෙනෙන දෙවියන්ගෙන් උදව් ඉල්ලන එක විතරයි . ලියම් කියන්නෙ කතෝලික කෙනෙක් ලියම් පුලුවන් විදියට දෙවියන්ට මොරගැහුවෙ එයාලව බේරගන්න කියලා. මොකද ලියම්ට දැනුනා තව ටික වෙලාවකින් එයාගෙ ජීවිතෙයි අහස්ගෙ ජීවිතේයි දෙකම ඉවරයි කියලා. මේ ඔක්කොම සිද්ධ වෙලා උපරිම විනාඩි තුනක් යන්න ඇති අර අමුනුස්ස පරානෙ හිටියෙ ලියම්ගෙ ඉස්සරහා වෙනකොට උගෙ ඇස් තිබ්බෙ ලියම්ගෙ මූන මත.
YOU ARE READING
මහසොන් අඩවිය
Horror"අන්ධකාර ආත්මයක වියරු විලෝපය" Let's love a demonic soul❤️ Happy ending