16

2.9K 344 52
                                    

ඉතින් තවත් විනාඩි විස්සකට පස්සෙ ආර්‍යන් ලගෙ කල්පනාව බිදුනේ එයාලා දිහාවට ආව පොලිසිය නිසා..

"මේ මිස්ට ආර්‍යන් ද?"

"ඔව් ඔෆිසර්"

"එතකොට මේ...."

"මේ මගේ ගෝලයෙක් සර්.."

"ම්ම් හරි අපි මේ ආවෙ මේ සිද්ධියේ ප්‍රධාන සාක්ශි කාරයෝ දෙන්නා ගෙන් පොඩි කට උත්තරයක් බලාපොරොත්තුවෙන්.."

"ඒත් පේන විදියට ඒක කරන්න බැරිවෙයි වගේ නේද මිස්ට ආර්‍යන්."

" ඔව් සර්.. තාමත් එයාලගෙ ඔපරේෂන් එකක් යනවා.. ඩොක්ටස්ලා කිව්ව විදියට දෙන්නගෙන් එක්කෙනෙක්වත් බේරෙන්න තියන සම්භාවිතාව ගොඩක් අඩුයිලූ."

"ඒකට කමක් නෑ මිස්ට ආර්‍යන්.. අපි මේ ගැන පරීක්ශන කරනවා.. අපි  බලමුකො මොකද්ද වෙන්නෙ කියලා.."

"අපි දෙන්නටම ඒ සිද්ධිය අමතක කරන්න බෑ සර්.. ඒක ඇත්තටම බලන්න බැරිතරමටම දරුනුයි .. මේ ලමයිගෙ අත්තම්මාගෙ බොඩි එකට මොකද්ද සර් කලේ.."

"ඒ මරණේ ගැන ඇත්තටම අපිට ලොකු සැකයක් තියනවා... අනික මෙයාලට මෙහෙම කරන්න තරන් තරහා කාරයෝ ඉදී කියලනම් හිතන්න අමාරුයි. ඒ ලේඩිගෙ බොඩි එක අපි ලැබ් එකට ගෙනිච්චා අපිට රිපෝට් එකක් ඕන.. අනික එයාලගෙ ගෙදර අපි තාමත් පරීක්ශා කරනවා. සමහරවිට මේක හොරකල්ලියක් කරා කියලත් සැක කරන්න පුලුවන් නිසා.."

"අපි අනුමාන කරන විදියට හොරු කල්ලියක් මේක කරා කියලයි හිතෙන්නෙ මොකද සමහර විට ඒ කට්ටියව මේ ගොල්ලො දැකපු නිසා මෙහෙම උනාද කියලත් අපි සැක කරනවා.."

මෙහෙම ආර්‍යන් අතරෙයි පොලිසියේ කෙනෙකු අතරෙයි මේ විදියට සංවාදෙ යනකොට මහසොන් අවතාරෙගෙ ඇස් තාමත් ICU එකේ වැහුන දොර දිහාවට ඇලවිලා තිබුනා..

"එහෙනම් මිස්ට ආර්‍යන් අපි එහෙනම් යන්නම් අපි ආවෙ ඒ ලමයි දෙන්නගෙ තත්වෙ බලන්න.. එයාගෙ ඔපරේෂන් එක සක්සස් උනොත් අපිව දැනුවත් කරන්න."

"okey සර්".. ඒත් සර් බොඩි එකට මොකද්ද කරන්නෙ පරීක්ශනයෙන් පස්සෙ.."

"අපි ඒක ඥාතීන්ට බාරදෙනවා.  ඔයාලා ගාව එයාලව කන්ටෑක් කරගන්න පුලුවන් නම්බර් එකක් තියනවද.."

මහසොන් අඩවිය Where stories live. Discover now