07

340 65 34
                                    

"ආහ්.. මගෙ ඔලුව කැක්කුමයිනෙ"

ලියම්ට ඇහැරුනා. ඇහැරුනා කියලා කිව්වට ලියම්ට සිහිය ආවා කිව්වොත් ඒක හරි. ලියම් ඔලුවත් අල්ලගෙන ඇස් ඇරලා වටපිට බැලුවෙ එයා ඉන්නෙ කොහෙද කියලා හරියටම මොලේට තේරුනේ නැති නිසා. වටේම කලුවරයි. ඒ මදිවට ලියම්ගෙ මුලු ඇගම තලලා දාලා වගෙ දැනෙන්නෙ.හරියට දහදෙනෙක්ගෙන් අම්බානෙට ගුටි කාලා වගේ.  ඒත් එකපාරටම මතක් උන දේත් එක්ක ලියම්ට ඉන්න තැනින් නැගිට්ටින්න ගියත් ඒක කරන්න බැරි උනේ ඇගෙන් ආව වේදනාව අඩුවක් තාම නැති නිසා. ටික වෙලාවකට කලින් එයාට මූන දෙන්න උන ඒ සිද්ධිය මතක් වෙලා එයාට එවෙලෙ දැනුනෙ එකම එක දෙයයි.

"ඇයි මට දැන්මම සිහිය ආවෙ දෙවියනේ.. මං මං දැං මොකද කරන්නෙ" ඌ ආයෙමත් එයිද"... අනේ අත්තම්මේ ඔයාගෙ ලොකු පුතාට බයයිනේ".....

මොකද ලියම් තාමත් හිටියෙ කුස්සිය ලග බිම වැටිලා වෙද්දි තාමත් කරන්ට් එකවත් ඇවිල්ලා තිබුනේ නැ. ලියම්ට ලියම්වම අප්පිරියා හිතුනා මොකද් එයාගෙ මුලු ඇගම අමුනුස්ස පරානයක් අතින් ඉදුල් වෙච්ච නිසා. ලියම්ට ඔක්කාරෙට වගෙ . ඒ මදිවට කලින් සිද්ධිය වෙලාවෙදි ලියම්ට ලියම්ගෙ කලිසමේම මුත්‍රාත් ගිය නිසා ලියම්ට තවත් අප්පිරියයි. මොන දේ උනත් ලියම්ට එක විනාඩියකට හිතුනා මේකත් එයා දැකපු හීනයක් වෙන්න ඇති කියලා. ඒත් මේක හීනයක් නෙවේ සැබෑවක් නිසා එයාට සිද්ධවුනා ඇත්තට මූන දෙන්න. ලියම්ගෙ හදගැස්ම තාමත් ගැහෙනවා එලියට ඇගෙන තරමටම. බයටම ලියම්ට ඇඩෙද්දි ලියම් බිම අත පත ගෑවේ එයාගෙ ෆෝන් එක හොයාගන්න ඕන නිසා. කොහොමහරි අතපත ගාලා මේසේ අස්සෙන් ෆෝන් එක හොයාගෙන ඔන් කරන්න බැලුවෙ කලින් වෙලාවෙදි ඒ මගුලත් ඕෆ් වෙච්චි නිසා. හැබැයි  දැන්නම් කලින් වගේ මොකුත් ප්‍රශ්නයක් වෙන්නෙ නැතුව ෆෝන් එක ඕන් උනා වෙලාව එයාට එලෝපොල් පෙනුනෙ මේ වෙද්දි  වෙලාවත් රෑ දහය පහු වෙලා තියෙනවා කියලා දකිද්දි.

"ඒ කියන්නෙ පැය දෙකාමාරක් විතර මං මෙතනද වැටිලා උන්නේ."

"ආහ්... අර මූසලයා කරපු වැඩෙන් මගෙ ඔලුව පුපුරන්න වගේනෙ.. අනේ අත්තම්මේ".......

ලියම් ටෝච් එකත් ඔන් කරගෙන ඉන්න තැනින් අමාරුවෙන් නැගිට්ටෙ පුටුවකුත් අල්ලගෙන . මොකද තාමත් ලියම්ගෙ ඔලුව පුපුරන්න වගේම මුලු ඇගම තලලා දාලා වගෙ. ඒ මදිවට පපුවෙ පැත්තක දැවිල්ලකුත් අල්ලනවා මේ ඔක්කොමත් එක්ක ලියම් නැගිටලා කාමරේට යන්න හැරුනෙ අඩුම තරමේ ඇස් දෙකවත් අරින්නැතුව.

මහසොන් අඩවිය Where stories live. Discover now