වේදනාත්මක වගෙම අභිරහස් රාත්‍රියකට පස්සෙ ලියම්ට උදේ ඇහැරුනේ අත්තම්මා ලියම්ගෙ ඔලුවට අත තිබ්බ නිසා. මොකද ඊයේ රෑ වෙච්ච හැම සිද්ධියකටම පස්සෙ ලියම්ට උන අරගෙන තිබුනා.. මහසොන් අවතාරෙ එයාගෙ තුරුලේ හිටපු ලියම්ට අන්තිමටම මුමුනපු කිසිම දෙයක් අහන්න වාසනාවක් ලියම්ට තිබුනේ නෑ මොකද ලියම්ට ඒ සීතල පපුවෙදිම නින්ද ගිය නිසා..මොනා කරන්නද වෙන්න තියන දෙයක් ඉස්සරහට වෙන්න දීලා බලන් ඉන්න එක විතරයි දැං කරන්න පුලුවන් එකම දේ..
අමුනුස්ස විමානෙක ජීවත් වෙන ලියම් මේ කිසිම දේක බරක් පතලක් දකින්නෙ නෑ එයාට මේ දේවල් වලින් වැඩක් නෑ වගේ හැගීමකින් තමයි ඉන්නෙ.. දැනටමත් ලියම්ගෙ හිතේ දලුලන වෛරයත් ටිකෙන් ටික වර්ධනය වෙනකොට උන තිබුනත් ඇවිදගන්න බැරුව කකුල් වෙව්ලුවත් ලියම් අහස්ගෙ කාමරේට ගියෙ හොදින් හරි නරකින් හරි මේ අමුනුස්ස බැල්මෙන් බේරෙන්න බලගෙන. ඒත් ලියම් දන්නවනම් ලියම් උදව් ඉල්ලන්න යන්නෙ ලියම්ගෙ මාරයගෙන් බව කවදාවත් එයා අහස්ගෙන්නම් උදව් ගන්න යන්න හිතන්නෙවත් නැතිවෙයි..
අහස්ගෙ කාමරෙට ගිහින් දොරට තට්ටු කරන්නෙවත් නැතුව ලියම් කොර ගගහා එකපාරටම අහස්ගෙ කාමරේට ගියේ අහස්වත් ගස්සලා වෙනකොට ලියම් ශොක් උනා අහස්ගෙ පෙනුම දැකලා .. මොකද අහස්ගෙ අර කැඩුනයි කියන අතෙන් ලියම් මොකද්දෝ ලොකු පොතක් උස්සන් හිටියා වෙනකොට අහස්ට ඒ පොත පැත්තකින් තියන්නවත් වේලාවක් තිබුනේ නෑ.. ලියම්ට වඩා අහස් මේ අවස්තාවෙ ගැස්සුනා නිකන් හරියට කරපු බොරුවක් ඇස් ඉස්සරහා එලි වුනා හැගීමක් අහස්ට දැනෙන්න ගත්තා.
"අහස් උබේ අත සනීප උනේ කොහොමද. ආ"
ඒ ප්‍රශ්නෙ නිකම්ම ලියම්ගෙ කටින් පිටවුනා වෙනකොට අහස්ට දෙන්න උත්තර නැති වුනා .
" අහ්.. ම්මේ.. ඕව්නෙ බං.. දැං ස්...සනීපයි.."
"එහෙම කොහොමද බං වෙන්නෙ උබට ඊයෙ අත හොල්ලන්නවත් බැරුව ගියානෙ. අනික ඩොක්ටත් මට කිව්වා ඔයාගෙ අතෙ අස්ථියක් පුපුරලා නිසා මාස හතරක්වත් යයි කියලා අත තිබුනා වගෙ හොද වෙන්න"
"අහ් මේ අත ටිකක් කැක්කුමයි බං මං මං මේ අතට එක්සසයිස් එකක් දුන්නා.. ඔව් ඔව් ඒම එකක් තමා.. ඇයි ඔයා ආවෙ මොකක් හරි වැඩකටද"
YOU ARE READING
මහසොන් අඩවිය
Terror"අන්ධකාර ආත්මයක වියරු විලෝපය" Let's love a demonic soul❤️ Happy ending