(පහල තියන නෝට් එක කියවලා කමෙන්ට් එකක් දාන්න.. ඔයාලගෙ අදහස මට දැනගන්න ඕනෙ 😭)
ඉතින් එතනින් එහාට සිද්ධවුනේ අමුනුස්සයෝ දෙන්නෙකුගෙ සටනක් වෙනකොට ඒක බලාගෙන ඉන්න බැරි තරමේ භිහිසුනු වුනා. මහසො අවතාරෙ අහස්ගෙ බෙල්ල උගෙ නියපොතු වලින් හිල් කරනකොට අහස්ගෙ කටින් වේදනාත්මක කෑ ගැහීමක් පිටවෙනකොට ඒ කෑ ගැහිල්ල අහල පහල මිනිස්සුන්ට පවා ඇහෙන්න උනා. ඉතින් අමුනුස්ස පරාන දෙකක සටනකදි අහල පහල බල්ලො බළල්ලු පවා කා කොටා ගන්නකොට ලියම්ලගෙ ගෙවල් තියන පැත්තම මූසල විදියට අදුරු වෙලා ගියා හරියට එකපාරටම කාලගුණය වෙනස් වුනා වගේ. ඉතින් බලවත්ම යක්ශ ආත්ම දෙකක දරුනු සටනකදි මේ දේවල් උන්ට සාමාන්‍ය වුනත් ලියම්ට මේ දේවල් අසාමාන්‍යයි.. ලියම් මේ දවස් ටිකේම කැම්පස් එකටවත් යන්න බැරිවෙද්දි කැම්පස් එකේ යාලුවෝ පවා හිටියේ ලියම්ලට මොකද්ද උනේ කියලා හිතාගන්න බැරිව.
ලියම්ගෙවත් අහස්ගෙවත් ෆෝන් එකක් වැඩ කරන්නෙ නැතුව එ දෙන්නට පණිවිඩයක් දීගන්න බැරිව ලියම්ලගෙ ලෙක්ච වුන ආර්යන් සර් නම් හිටියෙ නහුතෙටම තද වෙලා වෙනකොට ආර්යන් සර් එක්ක ලියම් එක්ක එකට ඉගෙන ගන්න තවත් යාලුවෙකුත් එක්ක ලියම්ලගෙ ගෙදර එන ගමන් උන්නා.. ලියම්ලගෙ ගෙවල් පාරට වාහනේ හරවනකොට හොදට තිබුන ඉරත් කොහෙටදෝ මන්දා හැන්ගිලා යද්දි ආර්යන් සර්ලට පවා හොදක් නම් දැනුනෙ නැද්ද කොහොදෝ. සමහරවිට ආර්යන් සර් නොහිතා මේ එන ගමනෙදි ලියම්ගෙ ජීවිතය බේරේවි.
ඉතින් එලියෙ සිද්ධවෙන කිසිම දෙයක් දන්නෙ නැතුව ලියම් එයාගේ ලේ යන තුවාලෙ අතින් තද කරගත්තෙ එන්න එන්නම එයාගෙ සිහිය එයාගෙන් ඈතට යන්න යන බව දැනිලද කොහෙද.. සමහරවිට මේක ලියම්ගෙ අවසන් හුස්ම වෙන්නත් පුලුවන් සමහරවිට නොවෙන්නත් පුලුවන්.. ඉතින් බොද වුන ඇස් වලින් උනත් ලියම් දිගටම බලාගෙන හිටියෙ එයාගෙ ඉස්සරහා මේ විදියට අමානුෂික විදියට ගහ මරාගද්දි අහස්ගෙ රූපෙ ලේ වලින් වැහිල ගිහින් තිබුනා. අහස්ගෙ බෙල්ල ඒ නියපොතු පාරවල් වලින් මස් වැදලි එලියට ඇවිල්ලා තියෙනකොට අහස් නැගිට ගන්න බැරි වෙන විදියට ගුටිකාලා තිබුනත් මොකද ඒ ඇස්වල වෛරය නම් තාමත් තිබුනා.
YOU ARE READING
මහසොන් අඩවිය
Horror"අන්ධකාර ආත්මයක වියරු විලෝපය" Let's love a demonic soul❤️ Happy ending