"හහ්... උබ එහෙනම් මාව අදුර ගත්තා...ම්ම්ම් කොහොමද ඉතින් මගේ පරණ මිත්රයා."
"අවුරුදු තිහකට පස්සෙ අපි ආයෙමත් හම්බුනා එහෙනම්"
නීල දමනි හෙවත් හැමෝම දන්න කලු කුමාර යක්ශයා සමච්චලයට වගේ එහෙම ඇහුවට එකට උත්තර විදියට මහසෝනා ගෙන්නම් හම්බුනේ කට කොනේ වියරු හිනාවක් විතරයි .. ඒත් මේ අමුනුස්සයො දෙන්නා ට මැදි වුන ලියම්ට නම් මේ කිසිම දෙයක් තේරුනේ නෑ.. ලියම් අහස් දිහාවට බැල්මක් යවලා ආයෙමත් මහසොන් අවතාරෙ දිහාවට හැරුනෙ ඒ කිසිම දේක අගක් මුලක් එයාට තේරෙන්නෙ නැති නිසා.. අත්තම්මා අහිමි වුනාටත් වඩා ලියම්ට හිතාගන්න බැරි ඇයි මහසොන් අවතාරෙ අහස්ට කලු කුමාරයා කියලා කතා කරෙ කියලා.. මේ මොනා හිතුවත් ලියම්ටනම් හිටගෙන ඉන්නවත් පනක් නැති වුන. මොකද එයගෙ මුලු ඇගම ඇදුම්කෑවා .... මෙතන වාතාවරණය එන්න එන්නම උනුසුම් වෙනකොට අහසුයි මහසොන් අවතාරෙයිනම් සීතල යුද්දෙක ගිලිලා උන්නා.. එකෙකුට එකෙක් යටත් නොවන විදියට උන් දෙන්නා ඇස් වලින් කා කොටාගන්න කොට ලියම්ට නිකම්ම බැලුනේ එයාගෙ අත්තම්මා ගෙ ප්රානයක් නැති සිරුර දිහා වෙනකොට ආයෙමත් ලියම්ගෙ හැඩුම් වැඩි වුනා..
මේ අතරේ සීතල යුද්දෙක ගිලිලා උන්න අමුන්ස්සයෝ දෙන්නත් ලියම් දිහා බැලුවෙ නුරුස්සනා මුහුනුවරකින්..හරියට උන්ගේ කතාවට බාදාවක් කරලා වගේ ඒත් ඒ බැල්ම නොදැකපු ලියම් තාමත් වැටුන තැන ඉදන් අත්තම්මා දිහා බලාගෙන හූල්ලනකොට අහස්ගෙ ඒ කලු වෛරයෙන් පිරිලා තිබුන ඒ ඇසුත් ලියම්ව අනුගමනය කරමින් ලියම් බලාන උන්නු දිහා බලනකොට ආයෙමත් අහස්ගෙ කටකොනින් ඒ භයානක හිනාව ඇති වුනා.
"ඉතින් මහසෝනගෙ පුංචි අඹුව... උබට කොහොමද දැනෙන්නෙ උබ වැඩිපුරම ආදරේ කරන කෙනෙක් නැති වුනාම දැනෙන වේදනාව ම්ම්ම්"
"උබට රිදෙනවද... ම්ම්ම්ම්... කියාපන් "
ලියම් මොකුත් නොකිව්ව නිසා අහස් දිගින් දිගටම කතා කරා වුනත් ලියම්ට ඕන වුනේ නෑ ඒවට උත්තර දෙන්න..ඕන වුනේ නෑ නෙවෙයි අත්තම්මා ගෙ සිහියෙන් උන්න ලියම්ටඒ කිව්ව කිසි දෙයක් ඇහුනෙ නෑ අන්න ඒ හේතුව නිසා නම් අහස්ට ගොඩක් කේන්ති ගියා කියල අහස් ගෙ වෙනස් වුන හැගීම් එක්ක කියන්න පුලුවන්.. අහස්ගෙ හකු එකට තද වෙලා ගියේ හිතට ආව ආවෙගෙ නිසාමයි ඉතින් අඩියට දෙකට ලියම් ලගට ගිය අහස් ලියම්ගෙ කට දෙපැත්තෙන් අල්ලගෙන තමන් දිහාවට හරෝගත්තෙ කිසිම අනුකම්පාවක්වත් නැතුව වෙනකොට අහස් ගිගිරුවා.
YOU ARE READING
මහසොන් අඩවිය
Horror"අන්ධකාර ආත්මයක වියරු විලෝපය" Let's love a demonic soul❤️ Happy ending