08

338 62 18
                                    

"ලොකු පුතේ!!.. ලොකූ!!!! නැගිටපන් කොල්ලො.."

"නිදාගන්න දීලා යන්නකෝ අත්තම්මෙ. පේන්නැද්ද මං නිදි කියලා.. ඇගටත් අමාරුයි අත්තම්මේ.."

"මං කොහොමද දකින්නෙ උබ නිදාගෙන ඉන්නවා.. උබ දොරවල් ලොක් කරගෙනනේ"

"මං දැං උබට ගහනවා ලොකු පුතේ දවල් දොලහත් වෙලා. උබ නැගිටින්නෙ නැද්ද? ආ..... අර අහස් ලමයගෙත් ආන් අද හවසට ටිකට් කපනවලූ. ලොකු පුතේ නැගිටපන්කෝ"

"මේ නාකි මට ඔක්කොම කරන්න බෑ.. නැගිටිනවා ලියම් මං ඔතනට එන්න කලින් නැගිටලා ආවෙ නැත්තම් ගහනවා උබට ඉලපතෙන්ම".

.............

"වස්තුව!!!! නැගිටපන් මයෙ අම්මා... උබ දැං නිදාගත්තා ඇති. කෝ නැගිටපන්කො වස්තුව.ම්ම්ම්ම්ම්ම්...."

"ඈහ්.. ක්කව්ද... ව්ව්..වස්ස්..තුව.."

ලියම් එකපාරටම ඇදෙන් ඉද්ද ගැහුවා වගේ නැගිට්ටෙ කන ලගින් ඇහුන ගොරෝසු පිරිමි කටහඩක් නිසා.. සීතල වෙච්ච හුස්මක් එක්ක ලියම්ගෙ කනට මුමුනපු වචන නිසා ලියම්ගෙ නින්ද දැං කොහෙ ගියාද මන්දා..

"අත්තම්මේ ඔයා මට වස්තුව කිව්වද ආආආආආආ"

ලියම් අත්තම්මාගෙන් කෑ ගහලා එහෙම ඇහුවෙ නිදිමරගාතෙ අත්තම්මා ගෙ කටහඩ වෙනස් විදියකට ඇහුන නිසාදෝ කියලා හිතලා

"උබ මේ ලගකදි ඉදලා හොද අඩව්වක් අල්ලනවා කියලා මට තේරෙනවා ලොකු පුතේ" විකාර කියවන්නැතුව නැගිටලා මේ තේක බීලා ලෑස්ති වෙයන් ඉස්පිරිතාලේට යන්න.."...

"හරේ!!!!! ඉන්ඩෝඕඕ මේ එනෝ..."

ලියම්ට ඊයෙ රෑ වෙච්ච කිසිම දෙයක් මතක නැති වෙද්දි ලියම්ට ඇහැරුනේ අත්තම්මා කෑ ගහන සද්දෙට.. ලියම්ට මොකුත් මතක නැති උනාට මොකද ලියම්ගෙ ඇගනම් රිදෙන්න අරන් තිබුනා.. ඒ මදිවට කොහෙන්ද මන්දා ඇහුන කටහඩ නිසා ලියම් උඩගිහින් බිමට වැටුනා වගේ උනා... මේව එයාගෙ හිතලුවක් කියලා හිතලා ඔලුවත් කස කස බාතෲම් එකට රිංගුවේ මූන සෝදන් එන්න කියලා. වැනි වැනී බාතෲම් එකට ගිය ලියම් දත් මැද මැද කන්නාඩි ය ලගට ආවෙ ලියම් වෙනදා කරන දේම කරන්න... දත් මදින ගමන් ලියම් ලියම්ගෙ මූනෙ හැඩබලන්න පුරුදු වෙලා හිටියා.. ඉතින් අදත් එයා බුරුසුවත් කටේ ගහගෙන කන්නාඩියෙන් මූන බලද්දි දැක්කෙ එයාගෙ පපුව ලග තියන හැපුම් පාර ..

මහසොන් අඩවිය Where stories live. Discover now