මරණීය වේදනාවකට මූන දුන්නු ලියම් එයාගෙම ලේ වලින් රටා මැව්ව ඇද රෙද්ද ත් අතින් තුරුලු කරන් නින්දට වැටිලා හිටියට මොකද ලියම් හීනෙනුත් හූල්ලන්න ගත්තා.. තාමත් ලියම්ට වද දුන්න ඒ අමුනුස්සපරානෙ ලියම් ලගින් නොගියෙ ඇයි කියන්න කවෘවත් දන්නෙ නැතුව ඇති. ලියම්ට මතක නැති වුනාට ලියම්ට මේ වගේ දේවල් වෙන්න මොකක්ම හරි දෙයක් වෙලා තියනව..
ලියම්ට නින්ද යන්න කලින් මෙ අමුනුස්සපරානෙ මුමුනපු දේවල් මතකයේ තිබ්බොත් ලියම්ට පුලුවන් වේවි මේ උත්තර නැති හැම ප්‍රශ්නයකටම උත්තර හොයන්න. මෙහෙම උත්තර හොයනකොට සමහර විට ලියම්ට ආදරේ නොකරන්න ඕන කෙනෙක්ට ආදරේ කරන්න හිතෙයි.. මොකද මේ ලෝකෙ සිද්ධ වෙන්නෙම කාටවත් හිතාගන්න බැරි සිද්ධි වෙද්දි සමහර විට ලියම්ගෙ දෛවයේ ලියවිලා ඇත්තෙ ලියම්ගෙ සහකාරයා විදියට අමුනුස්සයෙක් ව වෙන්න පුලුවන් . ඉතින් කව්ද කියන්නෙ වෛරයෙන් ආරම්භ වෙන හැම දෙයක්ම වෛරයෙන් ඉවර වෙන්න ඕන කියලා.. කොහොමත් ආදරයයි වෛරයයි අතර තියෙන්නෙ කෙස් ගහක දුරක්නෙ...
ලියම් නිදාගෙන උන්නට මොකද ලියම්ගෙ ලගින්ම අර අමුනුස්ස පරානෙත් හිටියා.. ඒකගෙ ඒ රතු ඇස් තාමත් ලියම්ගෙ නිරුවත් සිරුරේ ඇලිලා තිබුනා වෙනකොට හැගීම් දැනීම් පෙන්නුවෙ නැති වුනාට මොකද එ අමුනුස්සයගෙ හිතත් හරියට බර වුනා ලියම්ට විදින්න වුන වේදනාවල් එක්ක.. ඒත් මොනවා කරන්නද මේ ගෙවෙන්නෙ කරපු පව් වලට ලියම් දඩුවම් විදින කාලය වෙනකොට.
ආදරනීය පෙනුමක් වගේම උනුසුමෙන් පිරුනු පපුවක අයිතිකාරයෙක් නොවුනත් මොකද මහසොන් අවතාරෙටත් ප්‍රේමය දැනෙනවනම්.. ඉතින් ජීවත් වෙලා ඉන්න ප්‍රානීන්ට විතරද ආදරේ කැප අමුනුස්ස පරානවලට ආදරය කැප නැද්ද මේක මිනිස්සු හදාගත්තු මිත්‍යාවක් මිසක ආදරය කියන හැගීම කාටත් පොදු හැගීමක් වෙනකොට අමුනුස්සයෙකුට බැරිද මනුස්ස පරානෙකට බැදෙන්න. අනික පිරිමියෙක් බැදෙන්න ඕන ගැහැනියකට විතරක්මද?. පිරිමියෙක්ට පිරිමි පපුවක සැනසෙන්න බැරිද.. හැගීම් පිබිදෙන්න ඕනෙ ගැහැණු නිරුවත ලග විතරක්මද... පිරිමි නිරුවතක් ලග හැගීම් ඇතිවෙන්න බැරිද.. ලෝකෙ සම්මතෙ ගැහැනියයි පිරිමියයි කියලා කිව්වෙ කවෘ උනත් ඒ කතාව හරිම අසාධාරණ වෙනකොට......
![](https://img.wattpad.com/cover/379478270-288-k175613.jpg)
YOU ARE READING
මහසොන් අඩවිය
Horror"අන්ධකාර ආත්මයක වියරු විලෝපය" Let's love a demonic soul❤️ Happy ending