01.

616 71 37
                                    

ලියම් උබට පිස්සුද බං උබට ලව් කරන්න මේ ලෝකෙ පිරිමි නැද්ද. අනික මහසෝනා කියන යක්ශයාට ලව් කරන්න තමුසෙට පිස්සුද බං. උබ දන්නවද අඩුම තරමෙ ඒකා මොකෙද්ද කියලවත් අඩේ ලියම් ප්ලීස් මචං මේ විහිලුව නවත්තපන් . උබත් දන්නවා මාත් දන්නවා මේ විහිලුව තව දුරගියොත් මේක ඇස් රතුවෙන විහිලුවක් වෙනවා කියලා. උබේ හිතෙ ඔය තියන මනස්ගාත අයින් කරගනින් සුද්දා. යකෝ උබට මැරෙන්න වෙන්නෙ යකෙක් ගහලා ප්ලීස් මචං දැංවත් හරි සිහියට වරෙං. අනික උබට ඔය පිස්සුව ගැහුවෙ ඉස්කෝලේ යන කාලෙ ඉදන් කියලා මං නොදන්නවා නෙවේනෙ. උබට ඇතිවීමක් නැද්ද බං ඒකා යකෙක් බං යක්කුන්ට ආදරෙ කැප නෑ. අනික උබත් පිරිමියෙක් තේරුන් ගනින් ලියම්. උබ හිතනවද යක්කු gay කියලා. මොකද්ද බං මේ පිස්සුව. ඇයි තේරුන් ගන්නෙ නැත්තෙ මේක හෙන භයානක වැඩක් උබට උබ ගැන හිතන්න බැරිනම් අර අත්තම්මා ගැනවත් හිතපන්. මේ ගමනයන්න එපා බං වැඩේ වැරදුනොත් පව්ල පිටින් හැදිගෑවිලා යාවී. තේරුන් ගනින් ලියම්. උබ මගෙ සහෝදරයා මට උබ ගැන කැක්කුමක් තියන නිසයි මෙ කියන්නෙ. තේරුන් ගනින්.
..........................................................................

අඩේ කටවහගනින් අහස් මොකද යකෝ මේ කියවනව කියවනවා ඉවරයක් නෑ. මේ අහන්න යකෙක්ට ලව් කරන්න අමාරුවක් මටත් නෑ බං.  මං එයාලා ගැන දැනගන්න ආසයි .මොකද ඕනම තැනක එක එක යක්ශයෝ ගැන ලියවිලා තිබ්බට මොකද මහසොන් යක්ශයා ගැන ලොකුවට ලියවිලා නෑ. අනික කලුකුමාරයා වගෙ ගෑනු පස්සෙ යන එකෙකුත් නෙවෙයි මේකා. එතකොට ඇයි මෙයා යක්ශයෙක් උනේ හේතුවක් නැතුව එහෙම යක්කු වෙන්නෙ නෑනෙ. මොකක්මහරි හේතුවක් තියෙන්න ඕනි.

"මට මේ දේවල් ගැන හරි විස්තරයක් දැනගන්න ඕනි අහස් ප්ලීස් මචං මට උදව් කරපන්. උබ දන්නවනෙ මට දෙයක් ඕනි උනොත් ඕනිමයි කියලා."
.........................................................................
"ලියම් ආධිත්‍ය විජේසිංහ , අහස් සෞම්‍ය ජයමහ තමුන්ලා දෙන්නා ඔතන වෙනම ලෙක්ච එකක්ද ආ"

"නැගිටිනව දෙන්නම. තමුසෙලට මැනස් කියලා දෙයක් නැද්ද අයිසේ තමුන්ලට පේන්නෙ මං මෙතන මොනා කරනවා කියලද."

..ආර්‍යන් සර් බනිනකොටයි මමයි අහසුයි මේ ලෝකෙට ආවෙ....
.........................................................................

මහසොන් අඩවිය Where stories live. Discover now