04

321 59 18
                                    

(මෙ කොටසෙදි අනිවාර්යයෙන් උඩ දාලා තියන සින්දුව අහන්න අනිවාර්යයෙන්ම)

"අඩේ ලියම් අපි මේක කරන්නම ඕනද වුත්තෝ. අඩේ මට චූත් බරයි ඕයි. අපිට බැරිද මේක දවල් වරුවෙ කරන්න. අඩේ බලපන්කෝ බං මෙතන තියන මූසල පාට. යකෝ මහසෝනා කෙසේවෙතත් වෙන යකෙක් අපි දෙන්නට කෙලලා යයි. එක්කො මේ ගමන උබම පලයන් ලියම්. කනත්තට යන පාර මෙච්චර මූසලයිනම් කනත්ත මූසල අල්ට්‍රා ප්‍රෝ මැක්ස් වෙන්න ඇති. අනේ බල්ලෝ මං තාම ලව් කරලවත් නැ පකෝ. අනේ ලියම්........... ලියම්ම්ම්ම්... " වුත්තෝ කන ඇහෙන්නැද්ද.....

"චටාස්........."

"මොකද බල්ලො ගහන්නෙ....... බලපන් පිට නෑ වගෙ. උබට මේ ගමන එන්න බැරිනම් හැරිලා ගෙදර යමන් අහස් මිනිහා මැරිච්ච ගෑනි වගේ කන ලග ඉදන් බෙරිහන් දෙන්නෙ නැතුව.. බලපන් මගෙ පිට ඇදුන් කනවා උබනම් සාපයක් බං."

"මගෙන් මොකුත් අහගන්න එපා තෝ. මේක මාර කෙලියක් උනානෙ ලියම්. තෝ වෙනුවෙන් යක්කුන්ගෙන් ගුටිකන්න යන්න එන මටනෙ තෝ බේසිකයා ඔහොම කතා කරන්නෙ. බලපන් අන්තිමට අපි දෙන්නටම වෙන්නෙ යකෙක්ගෙන් අම්බානෙට ගුටිකාලා මැරිලා යන්න.. ඊට පස්සෙ උබේ ඔය පුකේ අමාරුව හරියනවා."

"ඔන්න මං නොකිව්වයි කියන්න එපා ලියම් උබ කවදහරි යකෙක්ගෙන් කනවා කෑමක් ආයෙ නෑ බලපන්කෝ ලොවෙත් නැති වෙන කෑමක්.. ඊට පස්සෙ පුතේ තොගේ ඔය යක්කු ගැන තියන පිස්සුව ඉබේම නැති වෙනවා. මං අද මේක කිව්වා කියලා දිනෙත් එක්කම මතක තියාගනින්"

"හරි හරි බං යකා ගැහුවත් ගහන්නෙ මටනෙ තොට නෙවේනෙ. ඒක මං බලාගන්නම්. ඒක නෙවේ අද කෙම්මුර දවසක් කියලා උබට ශුවර්ද. ආ අහස් කියපන්කෝ. ම‍ං මේ දේවල් දන්නෙත් නෑ"

"අනෙ මන්දා ලියම්.. සෙනසුරාදා කියන්නෙ කෙම්මුර දවසක්ලුනෙ මාත් ඕවා දන්නෑ. අනික කෙම්මුර දවසක විතරක් යක්කු එන්න උබ හිතුවද යක්කුන්ට එලියට එන්න එපොයිමන්ට් දාන්න ඕන කියලා. මගෙන් මොකුත් අහගන්න එපා ලියම් හරී. අද මං මැරුනොත් මගෙ මරනෙට වගකියන්න ඕනි ලියම් ආධිත්‍ය විජේසිංහ කියලා මං ලියමනක් ලියලා ආවෙ."

ඊයා බං උබ මහා ඕන්නෑ. "මේ අහපන්කො අහස් ම‍ං අහලා තියන විදියට මහසෝනා ගෙන්න ගන්න ඌරුමස් ඕනිලූ." ඉතින් මං මේ මේ..................

මහසොන් අඩවිය Where stories live. Discover now