17

411 55 45
                                    

කලබල උන අහස්ව සංසුන් කරගන්න ආර්‍යන් ලොකු උත්සහයක් ගත්තා.. කොච්චර උත්සහා කරත් බැරිවෙද්දි ආර්‍යන් ට හිතාගන්න බැරිවුනා මොකද්ද දැං අහස්ට කරන්න ඕන කියලා ඩොක්ට කෙනෙක්ට කතා කරන්න යන්නවත් ඒ වෙලාවෙ ආර්‍යන් ගෙ ඔලුවට ආවෙ නැතිකොට අහස්ගෙ අතේ ගහලා තිබුන කැනියුලා එකත් ගැලවෙද්දි අහස්ගෙ අතින් ලේ විසිවෙන්න ගත්තා.. ඒත් ඒක අහස්ට දැනුනෙ නැති ගානයි. අහස්ගෙ මොලේ යි හදවතයි එකම තීරනේක ඉද්දි අහස්ට ඕන වුනේ මෙතනින් කොහොමහරි ගිහින් ලියම්ව බලන එක වෙද්දි ක්ශනික අදහසකට අහස්ව බදාගෙන ඉන්න ආර්‍යන් ගෙ උරහිස දත් වලින් හපුවෙ ආර්‍යන් ට දරුනු වේදනාවක් ඇති කරලා වෙද්දි වම් උරහිසෙන් දැනුන වේදනාව නිසාම ආර්‍යන් ට අහස්ව අතෑරෙද්දි අහස් එයා උන්න කාමරේ දොර දිහාවට දුවන්න උනා..

"ආව්!!!!.... අහස් නතර වෙන්න.. අහස්!!!!!!"

"යන්න දීපන්..."!! අතෑරපන් යකෝ.. ලියම්ව බලන්න ඕනෙ... පලයන් ඈතට... පලයං"

"ල්...ලගට එන්න එප්ප්..පා.. අන්..නිනවා.. ඔ..ඔව්.. අනින්නවා... ම්ම්..මෙකෙන් ... අහකට පලයං"

"ශ් ශ් මේ බලන්නකො.කෝ මං දිහා බලන්න. අහස් මං ඔයාව එක්කන් යන්නම් ලියම් ලගට ශ්... ඊට කලින් සන්සුන් වෙන්න... කෝ සංසුන් වෙන්න"

"හරි හරි ඔහොම්ම සංසුන් වෙන්න හරිද මං මං ඔයාව එක්කන් යන්නම් හොදද.. කෝ හොද ලමයා වගේ ඔය අතේ තියන කතුර බිමට දාන්න....කෝ හොද ලමයනෙ.. ඔයා පරක්කු වෙන්න වෙන්න ලියම්ව බලන්න පරක්කු වෙනවා..."

"හරි දැං හොදට හුස්ම ගන්න.. කෝ හොද ලමයා.. අන්න හරි හුස්මක් ගත්තා ඒක පිට කරා.. හොද දරුවා..කෝ දැං ඕක අහකට විසි කරන්නකො..ම්ම්ම් තුවාල වෙයිනෙ දරුවෝ ඔයාව.."

ඉතින් අහස් ආර්‍යන් ගෙ උරහිස හපලා ඒ ග්‍රහනයෙන් මිදිලා දොර දිහාවට දිව්වත් එයාට දොරෙන් එලියට යන්න බැරි වුනේ අමාරුවෙන් උනත් වේදනාව කාගෙන ආර්‍යන් අහස්ව අල්ල ගත්තු නිසයි.. හැබැයි අහස්ව අල්ල ගත්තු තප්පරේම ආර්‍යන් ට අහස්ව අතාරින්න උනේ ලග තිබුන බෙහෙත් තිබුන මේසෙ උඩ කතුර අහස් ගෙ අතට අහු උන නිසා.. ඉතින් ආර්‍යන් අහස්ගෙන් අඩි දෙක තුනක් පස්සට ගියේ අහස්ව සංසුන් කරන්න හිතාගෙන.. ඉතින් හිමින් හිමින් අහස්ට ආදරෙන් කතා කරන ගමන් අහස් ලගට කිට්ටු කරාට මොකද සංසුන් වෙන්න උත්සහා කරපු අහස් ආයෙමත් ප්‍රචණ්ඩ වෙන්න ගත්තා..

මහසොන් අඩවිය Where stories live. Discover now