06

363 58 23
                                    

අර සිද්ධිය වෙලා දැං සතියක් විතර ගතවෙලා තිබුනා.ලියම්ගෙ මහසොහොන් පිස්සුවත් ඒ වෙද්දි නැතිවෙල ගිහින් තිබෙනේ එයාට මූන දෙන්න වෙච්ච සිද්ධිය නිසාමයි. ලියම්ගෙ කකුල මේ වෙද්දි හොද වෙලා තිබුනත් නලල තාමත් හොද නැති වෙද්දි අහස්ගෙ තත්වේ මීට ගොඩක් වෙනස් වෙලා තිබුනා. අහස්ට වෙච්ච මේ සිදුවීම් එක්ක එදා අහස්ට උන ගද්දි අන්තිමට අහස්ට නතර වෙන්න උනේ ඉස්පිරිතාලෙ වෙද්දි සතියක් ගිහින්වත් අහස්ගෙ අත තිබුන විදියමයි. එදා ලියම් අහස්වත් ඇදගෙන දිව්ව වේගෙට වගේම වැටුන වෙලේදි අතෑරුන වේගෙත් එක්ක අහස්ගෙ අස්ථියක් පුපුරලා තියෙද්දි අහස්ගෙ අත තවමත් බැන්ඩේජ් කරලා තිබුනා. අදට සතියක් අහස් ඉස්පිරිතාලෙ නවත්තලා..

එදා ලියම් අහස්වත් වාරු කරගෙන ගෙදර එද්දි අත්තම්මා හිටියෙ කුස්සියෙ ලියම්ලා හිටපු තත්වෙ එක්ක අත්තම්මාට මොකුත් හිතාගන්න බැරි උනත් ලියම් අත්තම්මා ට කිව්වෙ කැම්පස් එකේ වුන ප්‍රශ්නයක් නිසා කොල්ලො ටික ගහගත්තා කියලා. ලියම් එදා හොදවයින් අහගත්තෙ කැම්පස් යැව්වෙ ගහගන්නද කියලා අත්තම්මා අහන කොට. ලියම්ට කියාගන්න දෙයක් තිබුනේ නෑ.මොකද ලියම්ට ඇත්තම කතාව කියන්නත් බැ ලියම් අසරනයි මෙතන ලොකුම වැරැද්ද ලියම්ගෙ වෙනකොට එයා කරේ අත්තම්මා බනිද්දි බිම බලාගෙන සද්ධනැතුව ඉන්න එක වෙද්දි අත්තම්මා එක්ක ත්‍රීවිල් එකක් කතා කරගෙන ඉස්පිරිතාලේට ගියේ ලියම්ට හිටන් ඉන්නවත් පනක් තිබ්බෙ නැති නිසා. කකුලෙ උලුක්කුවත් එක්ක අහස්වත් වාරු කරන් පැයගානක් ඇවදපු නිසා ලියම්ගෙ වලලු කර දම් වෙලා ඉදිමිලා තියෙද්දි ලියම්ව බලපු ඩොක්ට පවා ශොක් උනේ මෙහෙම කකුලක් උලුක් කරන් මේ මනුස්සයා ඇවිද්දෙ කොහොමද කියලා ඩොක්ටටවත්  හිතා ගන්න බැරි වෙද්දි. ඩොක්ටගෙනුත් හොදවයින් බැනුම් අහලා බෙහෙතුත් අරං ගෙදර ගියේ අහස්ව ඉස්පිරිතාලෙ නවත්ත ගත්තු නිසා. මොකද ඒ වෙනකොටත් අහස්ගෙ තත්වෙ ටිකක් බරපතලයි.

ලියම්ට මෙ සතිය පුරාවටම හරි අමුතු හැගීමක් දැනෙන්න අර ගත්තෙ ලියම්ට මොකද්දො කුකුසක් ඇති කරලා. මොකද ලියම්ට හැමවෙලේම දැනෙනවා කවෘහරි එයා දිහා බලං ඉන්නවා වගේ හැගීමක්. අහේතුවකට ලියම්ගෙ හිතත් මේ වෙද්දි ගැස්සිලා තියෙනකොට ලියම් මේ හැමදේකින්ම හිත නිදහස් කරගත්තේ එදා අර කනත්තෙදි දැකපු නමක් නොදන්න අමුනුස්සයා නිසා කියලා හිතලා මේ අමුතු දේවල් හැමදේම එයා අමතක කරලා දැන්මා.

මහසොන් අඩවිය Where stories live. Discover now