18

231 46 58
                                    

ඉතින් නමක් නොදන්න ඒත් ඇට්ටේරියා මල් සුවදක් හමන ඒ අමුනුස්ස පරානෙ ඉස්සරහම අහස්ව සිහි නැති වෙද්දි අහස්ගෙ අප්‍රාණික සිරුර බිම වැටුනෙ නෑ. අහස්ගෙ ඒ අප්‍රාණික සිරුර ඒ අමුනුස්ස පරානෙ වාරු කරගත්තෙ පුදුම තරමේ පරිස්සමකින් හරියට මල් පෙත්තක් හයියෙන් ඇල්ලුවොත් තැලෙයි වගේ.. ඒ තරම් ඒ ස්පර්ශය මෘදු වුනා..

"ඇයි බං උබට පිරිමි ආත්මෙකම ඉපදෙන්න ඕන උනේ"

අහස්ගෙ අප්‍රාණික සිරුර වාරු කරගත්තු ඒ අමුනුස්ස පරානෙ අහස් දිහා බලාගෙන එහෙම මිමිනුවෙ මොන වගේ සිතුවිල්ලකින්ද කියලා කියන්න බැරිවෙද්දි සමහරවිට මේ දේ අමුනුස්සයෙක් උනත් පිලිගන්න බැරිව ඇති. මොකද කලු කුමාරයා කවද්ද පිරිමි නිරුවතට පෙරේත කම් කරේ.. යකෙක් උන කලු කුමාරයා ගෑනු නිරුවතට ප්‍රේම කරා මිසක්කා පිරිමි නිරුවතක් ඉස්සරහා ආලකම් පෑවෙ නැති වෙනකොට ඒකගෙ ආදරේ මේ ආත්මෙ පිරිමි ආත්මෙකින් උපන්නා කියලා දැනගන්නකොට යකෙකුට උනත් ඒ දේ පිලි ගන්න බැරි වෙන්න ඇති..

පිරිමියෙකුට තියෙනවද ඉතින් ගෑනියෙක්ට නියත ලාලිත්‍යවත් බවක්.. ගැහැනිය කියන්නෙම ශෘංගාරය උපදවන්නියක් වෙනකොට පිරිමි පරානයක් කොහොමද යකෙකුගෙ උනත් අඹුව වෙන්නෙ. එකත්  ගෑනූන්ටම ආලකම් පාන කලු කුමාරයාගෙ අඹුවගෙ චරිතය පිරිමියෙක් උන අහස්ට දෙන්නනම් නීල ධමනි හෙවත් කලු කුමාරයානම් කැමති නැතුවා වගේ..

අහස් වගේම ලියම්ටවත් අමතක අතීතෙ මතක අමුනුස්ස පරානයක් උන කලු කුමාරයා ලියම්ට රිද්දන්න හිතාගෙන අහස්ගෙ ඇගට රින්ගුවාට මොකද ඌටවත් බැරි උනා අන්තිම මොහොත වෙනකන්ම අහස්ව අදුරගන්න. අහස් කියන්නෙ ගිය ආත්මේ ඒකගේ ප්‍රානසම ආදරය කියලවත් නොදැනයි ඒකා අහස්ගෙ ඇගට රින්ගගෙන ලියම්ට උනත් රිද්දුවෙ. මොකද ආදරෙයි වෛරයි අතර තියෙන්නෙ කෙස් ගහක දුර නිසා වගේම වෛරයෙන් අන්ධ වෙච්චිඒ අමනුස්ස පරානෙ කොහොම දැනගන්නද ඒකා මේ අරක් ගත්තු මනුස්ස ශරීරේ ඒකගෙ ප්‍රේමයේ එක වේශයක් බව.

ඉතින් කාලය කියන්නෙම වෙනස් වෙන දෙයක් වෙනකොට අතීතේ වෙච්චි දේවල් කොච්චර හන්ගන්න උත්සහා කරත් කලට වෙලාවට ඒවා එලිවෙනවා. අනාගතේ ලස්සන වෙයි කියලා අතීතේදි කරපු හැම වරදක්ම දැං දැං එලියට එනගමන් තියෙනකොට ඒ වැරදි වලට මුල් වෙච්චි මේ දුර්වල මනුස්ස පරාන දෙක කොහොමනම් සැනසීමෙ ඉන්නද. යක්ශ පරාන දෙකකගෙ උනත් හිත් වල ප්‍රේමයේ දලු දාන්න ගන්නකොටම උන් ඒ ආදරේ තඹ දොයිතුවකටවත් මායිම් නොකර ඒ ආදරෙත් එක්කලා සෙල්ලම් කරනකොට අමුනුස්ස පරානයක් උනත් උන්ගෙත් හිත් නොසෑහෙනට රිදෙන්න ඇති. උන්ගෙ ආදරේ දුර්වල මනුස්ස පරාන දෙකක් ලග අවලංගු කාසියක් වගේ වෙනකොට උන් ගෙ හිතේ මේ මනුස්ස පරාන දෙක ගැන වෛරයෙන් පිරෙන්න ඇති.

මහසොන් අඩවිය Where stories live. Discover now