ලියම් ඉස්සරහා හැරෙද්දිම දැක්කෙ අත්තම්මා ව.ඒකයි එකපාරටම ලියම්ට කෑ ගැහුනේ. ඒත් ඒත් ඒ හිටියෙ අත්තම්මා නෙවෙයි.. අත්තම්මගෙ ඇස් දෙක කලුවෙලා තිබුනා වෙනකොට අත්තම්මගෙ බෙල්ල පහලට කඩන් වැටිල තිබුනා.
"අත්තම්මේ...ම්ම්මො..ක්කද..මේ..."
ලියම්ට බය හිතුනා..මොකද ලියම්ගෙ ජීවිතේ වටිනම දේ එයාගෙ අත්තම්මා.. අත්තම්මා ට මොකද්දෝ වෙලා කියලා ලියම් දැක්කම ලියම්ට බයකට වඩා එයාගෙ හදවත ඉරලා දානවා වගේ වේදනාවක් දැනුනා වෙනකොට ලියම්ගෙ ඇස් වලින් නොනවත්වා කදුලු ගලන්න පටන් ගත්තෙ හිතේ ඇති වුන වේදනාවටම යි. ලියම්ගෙ අම්මයි තාත්තයි නැති වුනේ ලියම්ට වයස පහලොව පිරෙද්දිමයි.ඉතින් ඒ තනිවුන අවුරුදු අවුරුදු පහලවේ ලියම්ට අම්මා උනේ එයාගෙ අත්තම්මා වෙනකොට ලියම්ගෙ පනත් හරි අත්තම්මාත් හරි .
"අත්තම්මේ... ඇයි මේ.."
ඒත් ඒත් අත්තම්ම ට එ කිසිම දෙයක් ඇහුනෙ නැති කොට බිමට කඩන් වැටිලා තිබුන ඒ ඔලුව එකපාරටම උඩට ඉස්සුනා..
"ද්ද්...දෙයි...යන්නේ.. මේ...ක්කව්ව්..ද.."
ඔලුව ඉස්සපු ඒ රූපේ දැකපු ලියම් කලින්ටත් වඩා ගැස්සුනා.. මොකද එයාගෙ අත්තම්මා ගෙ මුලු මූනම විකෘති වෙලා තිබුනා. ඒ සුදු ඉංගිරියාව නැති තනි කලු ඇස් වලින් එක දිගට අමු ලේ ගලමින් තිබුනා වෙනකොට ඒ ගලන ලේ අත්තම්මා ගෙ කකුල් දෙක මැදට වැටුනා වෙනකොට ඒ වැටෙන හැම ලේ බින්දුවකින්ම ඉහදපනුවෝ එන්න ගත්තා..
ලියම්ට ඔක්කාරෙට වගේ..ඒ ඉහදපනුවෝ එන්න එන්නම වැඩි වෙනකොට ලියම් බලාගෙන ඉන්නකොටම ඒ ඉහදපනුවේ මුලු පොලවෙම පැතිරෙන්න ගත්තා.ඒත් එක්කම ලියම්ගෙ අත්තම්මා මහා හයියෙන් කෑ ගහන්න ගන්නකොට ඒ කටේ දත් කියතක් වගෙ උල් වෙලා තිබුනා වෙනකොට ඒ දත් අතරෙනුත් උනුසුම් ලේ ගලාගෙන යන්න වුනා.. ඒත් එක්කම මුලු ගෙදර පුරාවටම දරාගන්න බැරි මිනී කුනුගදක් හමන්න ගත්තේ ලියම්ට ඔක්කාරෙට එනකොට.. දරාගන්න බැරිම තැන ලියම්ට එයා ඉන්න තැනම වමනෙ ගියේ එයාගෙ ඇස් ඉස්සරහා තියන බලන්න බැරිම තරමේ දසුන වගේම දරන්න බැරි දුර්ගන්ධය නිසා.. ගලාගෙන යන කදුලු අතරින්ම දැවිල්ල අල්ලන උගුර ගැනවත් ගානක් නොගෙන ලියම් තාමත් බලං ඉන්නෙ එයාගෙ අත්තම්මා දිහා.. කොච්චර බය හිතෙන දසුනක් උනත් එයාගෙ ඉස්සරහා තියෙන්නෙ ඒත් ඒ ඔක්කොම යටයි සෙනෙහසට. මොන පෙනුමෙන් හිටියත් අනේ ඒ ලියම්ගෙ දෙවනි අම්මනෙ..
YOU ARE READING
මහසොන් අඩවිය
Horror"අන්ධකාර ආත්මයක වියරු විලෝපය" Let's love a demonic soul❤️ Happy ending