මේ ගංගා නැන්දට ඇයි හැමවෙලේම මාව එයාලගෙ පොඩි බේබි වගේම පේන්නෙ.හරි මං ඉන්නෙ උගෙ කාමරේ තමයි ඒත් එහෙමයි කියලා මම ඌ නෙවෙයිනෙ.මං ඕෂධ.
බලාපොරොත්තු සුන් කරගෙන ගංගා නැන්දා තේ එක එහෙම්ම මේසෙ උඩ තියලා මට ඇහැරවන්නැතුවම පාඩුවේ පහළට යන්න ගියා.මෙහෙට ආවත් හරි මගෙ වැඩේම හෙනගහලා වගේ නිදාගන්න එක.ඉක්මනට මේකට පිලියමක් ගත්තෙ නැත්තම් සදහටම නිදාගන්න තමා වෙන්නෙ මට.
"ඒ බං සඳ... බිත්තරයක් ගහමුකො කුඩ්ඩට"
"බිත්තර නෙවේ මොන මගුල කරන්නත් මේ ඇච්චො දෙන්නා එන්නැල්ලුනෙ"
"අපෝ එන්නම් එන්නම් ! බොරුවට නාහෙන් අඬන්නැතුව හිටහන්"
"යාහ්.. සිරාවටමද අභියො?"
"ඇයි තොට මං ඔප්පු කරලා පෙන්නන්නත් ඕනි නිම්මා?"
"ආව් ආව්.. සඳසාවී මා ආ ආ ආ ආ"
මුං තේ බොන්න ගියාට ගිහින් එතනත් කළේ වක්කඩවල් ටික ඇරගෙන කියෝපු එක.පන්සලක් වගේ තියෙන මේ ගෙදර එදා නම් තිබුනෙ මාලු කඩයක් වගේ හරියට.කොච්චර ද කීවොත් ඔය වක්කඩවල වතුර වැටෙන සද්දෙ මට උඩ තට්ටුවත් ඇහුනා යකූ.
"ඒ දිනරුවා! කුඩ්ඩට වයස කීයද මචං?"
"අනේ යකෝ තෝ අපෙ එකෙක්ද නැත්තම් අර කෙල්ලොන්ගෙ ඉස්කෝලෙ එකෙක්ද?"
"නෑ මං අහන්නෙ කුඩ්ඩට වයස කීයද කියලා"
"අනේ අනේ අරුනෝධෙ! තෝ ඒකවත් දන්නැද්ද බම්ලො! සුද්දා මෙන්න මුට කියලා දියන්"
"අපෝ උඹලගෙ කටවල්!"
"උට දහනවය නෙවෙයිද ලබන්නෙ?"
"නැත්තන් ඉතින් ආයෙ අහ අට ලබන්නද නිමේක්ෂයා!"
"හරි දැන් මට කියහන්කො කොහෙටද සෙට් වෙන්නෙ කියලා"
සාලෙට වෙලා මුං ටික තවමත් ප්ලෑනක් ඇඳගන්න බැරුව කියෝනවා.අනේ බං මට කීවනම් මං ඔයිට වඩා හොඳට ඕක ප්ලෑන් කරලා දෙනවා හුම්.
"උඹලා කීව කැෆේ එක එම්කේ සඳ?"
"ආ.. ඒක හොඳයි නේද මම්ලි?"
"හොඳයිද අහන්නෙ! ඒක අපේ කැෆේ එකනෙ බම්ලෝ!"
(සඳරු & දිනරු)
YOU ARE READING
මණ්දාකිණි | BL | Horror | Ongoing
Non-Fiction"සමහර හිත් මුණ ගැහෙන්න ආත්ම ගානක් පෙරුම් පිරුවත් මදි" "ආත්ම ගානක් වුනත් මොකෝ මුණ ගැහෙනවනම්?" "දවල් හීන මවන්න එපා බං!" -24.10.30