First page

4.5K 277 36
                                    

එදා ඔහුගෙ ජීවිතයෙ අලුත් අත්දැකීම් රැසකට මඟ පාදපු දවසක්.

ඔහු සෝල් පොලොව මත පා තැබුවෙ සැලෙන හදවතකින් යුතුවයි. එය සැබැවින්ම ඔහුට අලුත් ලෝකයක් වුනා.

' මට මේ අාගන්තුක ලෝකයට හුරුවෙන්න පුලුවන් වෙයිද? '

ඔහු ලොකු හුස්මකින් පපුව පුරවාගෙන පෙරට පා තැබුවා.

වසර ගනනාවක් තමා ගත කල ජීවිතයට හාත්පසින්ම වෙනස් දිවියක් ගෙවන්න සූදානමින් රැකියාවක් කරන්න නිවසින් පිටවී පැමිණි ඔහු; නමින් ජන් ගුක්.

වීරයෙකු මෙන් නිවසින් පිටත්ව පැමිනියත්, සෝල්වල අමුතු පරිසරය ඔහුගෙ සිත කලබලයට පත් නොකලාම නොවේ.

නමුත් බලාපොරොත්තු ගොන්නක් හිතේ දරාගෙන පැමිණි, මේ තරුණයාට තමා හිතූ පරිදිම පහසුවෙන් තමා බලාපොරොත්තු වූ රැකියාවට යා  නොහැකි වුනා.

ඔහුගේ වාසනාවට ඔහු සිහින මැවූ අායතනයේම රැකියාවක් සඳහා ඔහුට වරම් ලැබුනා. එහි ඔහුට ලැබුනේ ඔහුගේ අධ්‍යාපන සුදුසුකම්වලට වඩා අඩු මට්ටමේ තනතුරක් වුවත්,ඔහු එය සතුටින් බාරගත්තේ එ් නිසාමයි.

එම අායතනයේ සේවය කිරීමට පැමිණෙන සේවකයන්, සේවයට ප්‍රථම සතියක පුහුනුවකට සහභාගි විය යුතු වුනා.

අද ඔහු නගර මධ්‍යයේ වූ මේ මහා විශාල ගොඩනැගිල්ල ඉදිරියට පැමිණියේ, සතියක පුහුණු කාලය සඳහා සහභාගි වීමටයි.

ගොඩනැගිල්ල තුලට අැතුල් වූ ඔහුව අනෙකුත් අාධුනිකයන් පිරිසත් සමඟ මුහු වුනා.

රටේ විවිධ පෙදෙස්වලින් පැමිණි විවිධාකාර ගතිපැවතුම් සහිත තරුණ තරුණියන් අතර ඔහු මඳක් නොසන්සුන් වුනා.

" හායි! මං මෙතැනින් ඉඳගන්නද? "

හුරුබුහුටි කටහඬක් ඔහුගෙන් නැඟූ පැනයට පිලිතුරු දීමට ඔහු එ් වෙත හැරුනා.

" අාහ්!... හා..."

නොසන්සුන් වූ ඔහු පිලිතුරු දුන්නා.

අැය විශේෂ සුන්දරත්වයක් නොමැති වුවත් අාකර්ෂණීය පෙනුමක් හිමි තරුණියක්.

" ඔයත් අද පටන් ගන්න අාධුනික පුහුනුවටද අාවෙ? "

" හ්ම්ම්.."

අැයගෙ හුරුබුහුටි කතා විලාසය නිසා අැයට පිලිතුරු නොදී සිටීමට බැරිකමට මෙන් ජන්ගුක් පිලිතුරු දුන්නා.

ඔහු සාමාන්‍යයෙන් සමාජශීලී කෙනෙක් වුවත්, එ් මොහොතේ ඔහු පත්ව තිබූ නොසන්සුන් වාතාවරණය හමුවේ ඔහු අැය සමඟ කතා කිරීමට මඳක් පැකිලුනා.

" හායි! මම යුන් හී-යන්ග්. මගෙ නමේ තේරුම වගේම මාත් විනෝදෙන් ඉන්න කෙනෙක්. ඔයාව හමුවීම සතුටක්. "

" අපි නම් හරිම වාසනාවන්තයි නේද... මේකට එන්න හීන දකින දාහක් දෙනා ඉද්දි මාව මේකට තේරුන එක මට නම් තාම හීනයක් වගේ. "

කැඩිච්ච රේඩියෝවක් වගේ කියවන හී-යන්ග් ඉක්මනින්ම ජන්ගුක් ගේ යාලුවෙක් වුනා.

" මම ජන් ගුක්. ඔයාවත් අඳුර ගැනීම සතුටක්. "

හී යන්ග් විතරක් නෙවෙයි තවත් විවිධාකාර යාලුවො රැසක් අැති කරගන්න එ් සතිය අැතුලත ජන්ගුක් ට පුලුවන් වුනා.

එ් විදියට ඔහුට ලැබුන යාලුවන් නිසාම පුහුණු සතිය ගෙවී ගිය බව ඔහුට දැනුනෙවත් නෑ.

සතියකට පස්සේ අදාල ව්‍යාපාර ජාලයට අයත් විවිධ අායතනවලට පුහුණුවට සහභාගි වූවන් රැකියා සඳහා අනුයුක්ත කරන දිනය එලඹුනා.

ජන්ගුක් ට ලැබුනෙ ප්‍රධාන අායතනය එහෙමත් නැත්තන් ව්‍යාපාර ජාලයේ මූලස්ථානය බඳු වූ අායතනයේ රැකියාවකුයි. හී-යන්ග් ත් ප්‍රධාන අායතනයේ රැකියාවක් හිමි කරගන්න වාසනාවන්ත වුවත්, ඔහු සහ ජන්ගුක් අනුයුක්ත කෙරුනේ එකිනෙකට වෙනස් අංශවලටයි.

බොහෝ වෙහෙස වී වැඩ කල යුතු අායතනයක් වුවත් එහි ප්‍රසිද්ධිය නිසාම බොහෝ පිරිස් එහි සේවය කිරීමට මාන බලමින් හිටියා.

හැමවිටම තමා හමුවට එන අභියෝගවලට දක්ෂ ලෙස මුහුණ දෙන ජන්ගුක් මේ අභියෝගයත් බාරගන්න පැකිලුනේ නෑ.

ජීව්තයේ අප ගන්නා අැතැම් තීරණ අපේ ජීවිත උඩුයටිකුරු කිරීමට පවා සමත් වන බව ඔහු එදා දැන නොසිටියත්, ඉතා සුළු කලකට පසු ඔහුට එය වැටහුනා.

එ් විදියට ඔහුගෙ ජීවිතයේ අලුත් පිටුවක් පෙරලුනේ ඔහුටත් නොදැනිමයි.

Tomorrow with youWhere stories live. Discover now