27th page

1K 204 63
                                    

A/N: It's BUUTER Day!!! Yehh hay!!!!
🎊🎉
_________________________________________

ජන්කුක් ටොනේඩෝවක් මෙන් නිවස තුලට කඩා වැදුනා.

" මගෙ ටේගෙ ලඟින් දැන්ම අයින් වෙන්න..."

ජන්කුක් කෑගෑවෙ ටේහ්යුන්ගෙ අයිතිකාරයා අාව බව ප්‍රකාශ කරන්න වගේ.

ජන්කුක්ව දුටු ටේහ්යුන් සහ තරුණයා ජන්කුක් දෙස පුදුමයෙන් යුතුව බලා එකිනෙකා දෙස බැල්මක් හෙලා අාපසු ජන්කුක් වෙතට හැරුනා.

ඔහු තම අත සැනකින් ටේහ්යුන්ගෙන් අහකට ගත්තෙ ඔහුට ජන්කුක් සමඟ සටනක් හෝ තරඟයක් අවශ්‍ය නැති බව කියන්නට වගේ.

' අැයි මං මේ විදියට ගෙට කඩා පැනලත් මේ මනුස්සයා මං කවුද කියලාවත් අහන්නෙ නැත්තෙ...

බැරිවෙලාවත් එයා මාව අඳුරනව වත්ද..'

ඔවුන්ගේ ප්‍රතිචාරයෙන් ජන්කුක් වික්ෂිප්ත වුනා.

" කුකි.? ඔයා මොකද මෙහෙ කරන්-? "

ටේහ්යුන් විමසා ඉවර වෙන්නටත් කලින් ජන්කුක් පෙරලා ප්‍රශ්න කලා.

ජන්කුක්, " එතකොට ඔයා මොකද මේ අනුන්ගේ ගෙදරක කරන්නෙ? අැයි ඔයාලට හම්බෙන්න වෙන තැනක් තිබ්බෙම නැද්ද? අනිත් එක මතක තියාගන්- "

ජන්ගුක් කෑගසමින්ම ටේහ්යුන් ඉදිරියට අාවා.

ඔහු හැසිරුනේ මින් පෙර කිසිදු දිනක නොවු තරමට අාවේගශීලී අයුරකින්. ඔහු අාගන්තුකයා දෙස බැලුවේ, තම වටිනාම වස්තුව සොරාගැනීමට පැමිණි සොරෙකු දෙස බලන බැල්මකින්.

ජන්ගුක්ගෙ නොසන්සුන් හැසිරීම දුටු ටේහ්යුන් ඔහුව සන්සුන් කරන්නට උත්සාහ දැරුවේ, එ් නොසන්සුන් බව හා කෝපය ජන්ගුක්ටම අනතුරක් ගෙන එ්වි යැයි බිය වූ නිසායි.

ටේහ්යුන්, " කුකි- ජන්කුක්, පොඩ්ඩක් සන්සුන් වෙන්න... "

ජන්කුක්, " මෙික හොඳට අහගන්න,

මං

ඔයාගෙ

කුකි

නෙවෙයි. _"

ජන්ගුක් එසේ පවසා පිටව යන්නට සැරසුනත් හදිසියේම නැගුන සිතිවිල්ලක් ඔහුව වලකාලූවා.

Tomorrow with youWhere stories live. Discover now