26th page

931 212 63
                                    

ජන්කුක් කියන්නෙ මංමද?

එම සිතුවිල්ල නිසා ජන්කුක්ට තම හිස හරහා විදුලි සැරයක් ගමන් කලාක් මෙන් දැනුනා.

' එහෙනම් අැයි ටේ හැමදෙයක්ම මේ තරම් හැංගුවෙ? අැයි මට මේ දේවල් එකක්වත් මතක නැත්තෙ? මං කුකී නම් අඩුම තරමෙ ටේ කියලා කෙනෙක්ව මං අඳුරගෙන හිටියා කියලාවත් මට මතක තියෙන්න එපායැ... '

' මට මේ හැමදෙයක්ම අමතක වෙලා ගිහින් වෙන්නෙ කොහොමද.. මට එහෙනම් මගෙ පවුලෙ අයවත් අමතක වෙන්න එපායැ.. මට එයාලව හොඳට මතකයිනෙ.. '

' අනේ මන්දා මේ දේවල්වලින් අැත්ත මොකක්ද බොරු මොකක්ද කියලා මට නං දැන් හිතාගන්න බෑ... '

අැත්ත දැනගැන්මට ජන්කුක්ගෙ හිත නොඉවසිලිමත් වුනා.

' තවත් නම් මට කට වහගෙන ඉන්නෙ නෑ... මොනවා වුනත් දැන්ම මේ ගැන අහන්න ඕනේ. අහන්න කලින් කියයිද නැද්ද කියලා මං කියන්න දන්නෙ නෑනෙ.. ඕන දෙයක් වෙන්න කියලා අහලා බලනවා. '

ජන්කුක් ඉදිරියට පයක් තැබුවා.

නමුත් එ් සැනකින්ම ඔහු තැබූ පය අාපසු පිටුපසට ගත්තා, දෙවැනි වතාවටත්.

මෙවර එයට හේතුව වුනේ ටේහ්යුන්ගෙ අමුතු වෙනස්වීමයි.

හදිසියේම තම කඳුළු පිස දැමූ ටේහ්යුන්, දඩි බිඩි ගා පුටුවෙන් නැගිට්ටෙ, ජංගම දුරකථනයට පිලිතුරු දෙමින්.

"අා හරි හරි.. මං දැන්ම එන්නම් ඔයාව හම්බෙන්න... "

ටේහ්යුන් කතා කරන විට ඔහුගේ මුවෙහි ඉරියව් වෙනස් වුනා. හරියට නවමු බලාපොරොත්තුවක් පීදුනා වගේ.

'මේ තරම් දුකින් හිටිය වෙලාවකත් ටේගෙ මූනට එලියක් ගේන්න පුලුවන් වුන කෙනා කවුද? කවුද එ් කෝල් කලේ?'

නොගැලපෙන මොහොතක වුවත් තමාගෙ හිතට ඊර්ෂ්‍යාවක් නැගීම වලක්වා ගන්නට ජන්කුක්ට නොහැකි වුනා.

" කුකී ගැන ටිකක් බලන්න... "

ජිමින් සහ යුන්ගි වෙත පැවසූ ටේහ්යුන් කබායත් රැගෙන දොර දෙසට දිව්වෙ විදුලි වේගයෙන්.

Tomorrow with youWhere stories live. Discover now