23rd page

792 198 27
                                    

2013.03.24

අද වගේ දවසක් නම් මගෙ ජීවිතේ කවදාවත් උදා වෙලා නෑ.

දවල් මං යුනිවසිටි එකට යද්දිත් ගොඩක් අය අපේ තරගෙ ගැන දැනගෙන තිබුනා.

කොච්චර එ්ක ප්‍රසිද්ධ වෙලාද කියනවා නම් අපේ අංශයේ උනුසුම්ම පුවත බවටත් එ්ක පත්වෙලා තිබුනා.

මට ආවෙ කුකිව මරලා දාන්න තරම් තරහක්. මෙච්චර දවසක් මං මෙහෙ මොන තරම් නිදහසේ හිටියද...

ඒත් මෙයා ආව දවසෙ ඉදන් ඒ හැමදෙයක්ම වෙනස් වුනා.

දුන්න පොරොන්දුව කඩන්න බැරි හින්දම හවස් වෙද්දි මං බාස්කට් බෝල් කෝට් එකට ගියා.

පිටියට ගියාම තමා මට දෙලොව සිහිවුනේ.. අන්තර්-පලාත් තරගයක් බලන්න වගේ කට්ටිය රැස් වෙලා හිටියා පිටිය වටේටම.

කුකි නම් ඒ වෙනකොටත් ක්‍රීඩා ඇදුමක් පවා ඇදගෙන ලෑස්ති වෙලයි හිටියෙ. අදත් යාලුවො වට කරගෙන එයා කියව කියව හිටියා.

අද නම් මාව පරද්දලම යන්න ඇවිල්ලා වගේ හිටියේ.

වෙන මොනවා කරන්නද, බයගුල්ලෙක් වෙන්න බැරි හින්දම මං පිටියට ඇතුල් උනා. මුලදි නම් එච්චර අවුලක් වුනේ නෑ.

ඒත් අන්තිම තත්පර 30දි අපි දෙන්නාගෙම ලකුනු සමාන වෙලා තිබ්බෙ. ඒ විදියට තරගෙ ඉවර වෙනවට මං නම් කැමැත්තෙන් හිටියෙ. හැබැයි කුකීට නම් ඕනෙ වෙලා තිබ්බෙ දිනන්නම තමා.

මටත් ඉතින් පරදිනකන් බලන් ඉන්න බෑනෙ. මාත් එයාව වලක්වන්න උත්සහ කලා.

හිතලා කරපු දෙයක් නොවුනත්, මගෙ කකුලෙ පැටලිලා කුකීව වැටුනා.මං හිතුවෙ නෑ එයා එ් වෙලාවෙ අාපහු නැගිටියි කියලා. මං එයා වෙත පහත් වුනේ එයාව නැගිටුවන්න හිතාගෙන.

එ්ත් එකපාරටම එයා අැහිපිය ගහන සැනෙකින් නැගිටලා දුවගෙන ගිහින් බෝලෙ දැම්මා.

කොහොමින් කොහොමින් හරි අන්තිමේදි මං පැරදුනා.

පරාජය බාරගන්න එක ගොඩක් අමාරු දෙයක් නෙවෙයි; හැබැයි එයාගෙ දඩුවම පිලිගන්න එක නම් මට ගොඩක් අමාරු උනා.

ඒත් ඉතින් දීපු වචනෙ ආයෙ ගන්න බෑනෙ. හ්ම්ම්... අන්තිමේදි මං ඒක කියලා දැම්මා.

Tomorrow with youWhere stories live. Discover now