fourth page

1K 230 11
                                    

වැඩ අවසන් වන වෙලාව එලඹ තිබුනෙන් හැමදෙනාම නිවෙස් බලා යාමට සූදානම් වුනා.

අනෙක් අයව අනුගමනය කරමින් ජන්ගුක් ත් තම බෑගය සකසා ගත්තේ, තම පලමු දිනයේ වැඩ අවසන් කර  පිටත් වෙන්න හිතාගෙනයි.

නමුත් ඔවුන්ගේ අංශ ප්‍රධානියාගෙන් නම්, එයට ඉඩක් නැතුවා වගෙයි.

" අලුතෙන් අාව කෙනා... කවුද... අා.... ජන්ගුක්... ඔයාට පුලුවන් නේද ටිකක් වෙලා නැවතිලා ටේහ්යුන්ට උදව් කරන්න... හරි එහෙනම් අපි යනවා..."

ජන්ගුක් වෙත තම අත දිගු කරමින් කියා සිටි ප්‍රධානියා ජන්ගුක්ගෙන් පිලිතුරක් ලැබීමට බලා නොසිටම පිටව ගියා.

අවසානයේ දී ටේහ්යුන් සමඟ කාර්යාලය තුල ජන්ගුක් තනි වන විට, මුලු කාමරයම පාලු සොහොන් පිටියක් මෙන්, නිහඬතාවයක ගිලී ගියා.

පැය කිහිපයක් අැතුලත තමාට පැවරුණු රාජකාරි සියල්ල නිහඬවම අවසන් කල ජන්ගුක් ටේහ්යුන් දෙස බැලුවෙ තමාට පිටව යා හැකිදැයි විමසන්නටයි.

නමුත් දැඩි අවධානයෙන් පරිගණකය වෙත නැඹුරු වී සිටි ටේහ්යුන් ඔහුව දුටුවේ නෑ.

වැඩ කිරීමේ පහසුව තකා අනෙකුත් සේවකයින් පිටව ගිය පසු, ජන්ගුක් ටේහ්යුන් සිටි පෙදෙසෙහිම පිහිටි පරිගණකයක් වෙත පැමිණ තිබුනෙන් උදෑසනට වඩා හොඳින් ටේහ්යුන් ව දැක ගත හැකි වුනා.

ටේහ්යුන්ගෙ සුපරීක්ෂාකාරී දෑස්, ඔහු පැලඳ සිටි උපැස් යුවලට යටින් තිරය වෙත යොමු වන විට, ඔහුගේ දිගු අැඟිලි පරිගණක යතුරු පුවරුව මත වේගයෙන් දිව ගියා.

වරෙක තම මේසය මත තිබූ ලිපි ගොනුවක් දෙසත්, තවත් වරෙක පරිගණක තිරය දෙසත් බලමින් තම රාජකාරිය වෙත යොමු වී සිටි ටේහ්යුන් වෙත යොමු වූ ජන්ගුක්ගෙ දෑස් ඔහු අසල නතර වුනා.

ටේහ්යුන්ගෙ කාන්තිමත් දෑස....

මුහුණටම ගැලපෙන පරිදි අැඹුම් රුවක මෙන් කැපී පෙනුන නාසය....

තදින් පියවී තිබූ රෝස පැහැති සිහින් දෙතොල....

ඔහුගෙ අාඩම්බරකාර පෙනුමක් එක්කරන උස් වූ නිකට...

Tomorrow with youWhere stories live. Discover now