6th page

959 220 23
                                    

කිසිවෙකු දොරට තට්ටු කරන හඬින් ජන්ගුක් තම දිනපොත වසා දමා මේසයෙන් ඉවත් වුනා.

ඔහු තමා පදිංචිව සිටි කුඩා කාමරයේ දොර විවර කලත් ඉන් පිටත කිසිවෙකුත් සිටියේ නෑ.

ඔහු දොර අසලින් ඉහලටත් පහලටත් දිවෙන පඩිපෙළ දෙස නෙත් හෙලුවා.

නමුත් කිසිවෙක් සිටියේ නෑ.

අාපසු දොර වැසීමට යන විටයි දොරෙහි එල්ලෙමින් පැවති මල්ල දුටුවේ.

නැවතත් කිසිවෙක් අැත්දැයි සෙවූ ඔහු අවසානයේ මල්ලත් රැගෙන අැතුලට ගියා.

එහි පිටතින් කුඩා ස්ටිකි නෝට් එකක් අලවා තිබුනා.

හුරතල් හිනා මූනක්!

එ් දුටු ජන්ගුක්ගෙ මුවටත් නිරායාසයෙන්ම හිනාවක් නැගුනා.

පොලිතින් මල්ල තුල තිබුනේ, වෙන මොනවත් නෙවෙයි රෑ කෑම එකක්.

' කවුද මට කෑම එකක් ගෙනත් දුන්නෙ? කෑම ගෙනත් දෙන්න තරම් කිට්ටු යාලුවො මට නෑනෙ.'

මෙසේ සිතමින් සිටි ජන්ගුක් අවසානයේ ප්‍රනීත රසයකින් යුතු අාහාර වේල බුක්ති වින්දේ එය ලබාදුන් පුද්ගලයාට හිතින් ස්තූතිවන්ත වෙමින්.

නමුත් අාහාර ගෙන අවසන්ව වතුර බීමෙන් පසු ඔහුට අමුතු, සවුත්තු රසයක් දැනෙන්නට පටන් ගත්තා.

නමුත් ඔහුට කිසිදු ශාරීරික අපහසුතාවයක් නොදැනුනෙන්, ඔහු එ් පිලිබඳ තැකීමක් නොකර නින්දට ගියා.

.....................................................................

මාසික වැටුප ලැබෙන තුරු, ජීවත් වීමට කිසියම් මුදලක් සොයාගන්නේ කෙලෙසදැයි සිතමින්, ජන්ගුක් එදින උදෑසනත් වැඩට යන්න ලෑස්ති වුනා.

නිවසින් පිටත් වන්නට සැරසෙන විටම, තම දුරකථනය නාද වුනෙන් ඔහු මඳකට නැවතුනා.

එම කෙටි පණිවිඩය බැංකුවෙන්.

තම ගිණුමට වොන් 150,000* ක් බැර වී අැති බව එහි කියවුනා.

කුඩා මුදලක් වුවත් එ් මොහොතේ හැටියට එය ඔහුට ලොකු සහනයක් වුනා.

Tomorrow with youWhere stories live. Discover now