7th page

979 237 41
                                    

ඔවුන් ගමන් අැරඹුවත්, දෙන්නාගෙන් එක්කෙනෙක්වත් කටක් අැරියෙ නෑ.

ජන්ගුක් හෙමිහිට ටේහ්යුන් දෙස බැලුවා.

ඔහුගේ දෑස් මාර්ගය වෙත යොමුව තිබුණේ.

නමුත් වෙනදා නොමැති දුක්මුසු බවක් එ් දෑස්වල ජන්ගුක්ට පෙනුනා.

ඔහු සුසුමක් හෙලා පිටත බලාගත්තෙ ටේහ්යුන්ගෙ පෙනුම කුමක්දෝ හේතුවකට ඔහුගෙ හදවත පීඩාවට පත් කල නිසා.

ඉවත බලා හිටි ඔහුට නොදැනුවත්වම නින්ද ගොස් තිබුනා.
.................................................................

යමෙක් තම හිස පිරිමදින බවක් දැනුනෙන් ජන්ගුක් තම දෙනෙත් විවර කලා.

ඔහු දුටුවේ ටේහ්යුන් තමා දෙස කඳුළු පිරුණු දෙනෙතින් බලා සිටින බවක්.

ඔහු තම දෑස් පිරිමදින්නට වුනේ පැහැදිලි දර්ශනයක් ලබා ගැනීමටයි.

එ් සමඟම දොර විවර කරගෙන ටේහ්යුන් වාහනයෙන් පිටතට බැස්ස බව ජන්ගුක් දුටුවා.

ඔහුත් ටේහ්යුන්ව අනුගමනය කරමින් පිටතට පැමිණියා.

පුදුමයකට මෙන් ඔහු තම ගමනාන්තයට පැමිණ හිටියා.

' ටේහ්යුන් කොහොමද දන්නෙ මං ඉන්නෙ මෙහෙ කියලා? '

නමුත් එ් පිලිබඳ විමසීමට පෙර ඔහු ගොඩනැගිල්ල වෙත අැතුල් වෙමින් හිටියා.

" ටේහ්යුන්ෂි, ස්තූතියි මාව එක්කන් අාවට. ඔයා එන්න ඕනෙ නෑ ඇතුලට, මට තනියම යන්න පුළුවන්."

ටේහ්යුන් වෙත දිව අා ජන්ගුක් කිව්වා.

ජන්ගුක් වෙත හැරී බැලූ ටේහ්යුන්,
" මං ඉන්නෙත් මෙහෙම තමයි. "

ඔහු විවර වූ සෝපානයේ නැගී නොපෙනී ගියා.

" මොකක්? එයා ඉන්නෙත් මෙහෙ මද? " ජන්ගුක්ට කියවුනා.

නමුත් එ් සමඟම ඔහුට තිබූ ගැටලු කීපයකටම පිලිතුරු ලැබුනා.

ඔහු දුටු කාරය ටේහ්යුන්ගෙ එකම තමයි. එය නිතරම අහල පහල දකින්න ලැබුනෙ ඔහු මෙහි වාසය කරන නිසායි. එ් වගේම පෙරදින කඩෙන් එලියට පැමිණෙන විට ඔහු දකින්න අැත්තෙ ටේහ්යුන්වමයි.

' එයා සමහර විට දන්න කෙනෙක් නිසා කතා කරන්න වෙන්නැති මං දිහා බලන්න අැත්තේ. එ්ත් දුර වැඩි නිසා කතා නොකර යන්නැති. '

ජන්ගුක් හිතුවා.

ඔහුගේ අනුමාන බොහෝ දුරට හරි ගියත්, එක්දෙයකදී නම් ඔහුට වැරදී තිබුනා.

එ් ටේහ්යුන් ඔහු දෙස බලා සිටියේ අඳුනන කෙනෙක් නිසාවෙන් යැයි සිතීමයි.

ඔහු නොදැන සිටියත්,

ටේහ්යුන්ට ඔහුව අඳුනන කෙනෙක්ට වඩා වටිනා අයෙක් වුනා.

.................................................................

නින්දට යාමට සැරසුන ජන්ගුක් තම දිනපොත අතට ගත්තා.

එදින සටහනේ අවසන් කොටස වන විට, ඔහුට මඟහැරුන යමක් සිහිපත් වුනා.

' ටේහ්යුන්ගෙ වාහනේදි මං නැගිටිනකොට, අැත්තටම එයා අඬ අඬ ද හිටියෙ?

නැත්තං එ්ක මගෙ හීනයක්ද?

එතකොට මගෙ ඔලුව අතගෑවෙත් එයාමද?

වෙන්න බෑ එ්ක නම් හීනයක් වෙන්නැති.

එයා වගේ කෙනෙක් කොහොමද එ් තරම් සංවේදී කෙනෙක් වෙන්නෙ?

මං එයාට කොයි තරම් කැමති වුනත් එයා නම් මට කවදාවත් කැමැති වෙන එකක් නෑ.

පොඩ්ඩක් ඉන්න. මං එයාට කැමතිද?  කවදා ඉඳන්ද මං එයාට කැමති වුනේ.

අැයි එයාව දැක්කම මට මගෙ අැස් එයාගෙන් අහකට ගන්න බැරිවෙන්නේ? අැයි එයාට ලං වෙන හැම මොහොතෙම මගෙ හද ගැස්ම වැඩිවෙන්න පටන් ගන්නේ?

අැයි එයා ඔෆිස් එකේ කෙල්ලොත් එක්ක ඉන්න වෙලාවට මගෙ හදවත රිදෙන්නෙ?

මං අැත්තටම එයාට කැමතිද?

එ්ත්....

මේ හැම දේටම වඩා....

මට එයාව දැක්කම හිතෙන්නෙ, මට ගොඩක් වැදගත් දෙයක් මඟඅැරිලා කියලා...'

ජන්ගුක්ගේ නිමක් නැති සිතුවිලිත්, දවසේ වෙහෙසත් ඉබේටම ඔහුව නින්දට යවලා තිබුනා.

___________________________________

Thank you for reading...
Stay safe😊 my lovies...
💓💓💓

Tomorrow with youWhere stories live. Discover now