" එයා හිතන් ඉන්නෙ කවුරු කියලද දන්නැ... මහ එ්ජන්ත උන්නාන්සේ වගේ ලොකුකමින් ඉන්නෙ ... මහන්සි වෙලා කෝපි එකක් හදලා ගෙනිහින් දුන්නම එ්ක රහද නැද්ද කියලා කියන්න බැරි තරම් ලොකුකමද එයාගෙ... අායෙ නම් මං නෙමේ මගෙ බල්ලවත් එයාට කෝපි හදලා දෙන්න යන්නැ... මූන ලස්සන වුනාට මොකද... මං නං රැවටෙයි ඔය එ්වට... හ්ම්..."
තම කුඩා කාමරයේ තිබූ කැඩපත ඉදිරියට වී රැකියාවට යාමට සූදානම් වෙමින් සිටි ජන්ගුක් තරහින් කෑගැහුවා.
" අායෙ එහෙම බලන්නෙ නෑ එයාගෙ ලස්සන දිහා... "
අැඟිල්ලක් දිගුකර කැඩපතෙන් පෙනෙන තමාගෙ රුවට තරවටු කලත්, ඔහුගේ පිලිබිඹුවට නොවෙයි ඔහුටත් ටේහ්යුන් කාර්යාලයට පැමිණි සැනකින් එ් තරවටුව අමතක ව ගියා.
කාර්යාලය වෙත පැමිණි ටේහ්යුන් දෙස දෑස් අයාගෙන බලා හිටි ජන්ගුක්ට ටේහ්යුන්ගෙ මුවේ ලා සිනා මලක් නැගෙනු දැක ගත හැකි වුනා.
ලා සිනහවකින් වුවද ටේහ්යුන්ගෙ මුහුණේ අැතිවූයේ විස්මිත වෙනසක්. දුටුවන් අාකර්ෂණීය වන මන බඳින සිනාවක් ඔහුට උරුමව තිබුනා. ඔහුගේ එ් කුඩා හසරැල්ලෙන් ජන්ගුක්ගෙ සිතේ ඔහු ගැන තිබූ සියලු තරහවන් හිරු දුටු අඳුර මෙන් අමතකව ගියා.
ඔහු සිනාසෙන්නෙ තමා සමඟ යැයි සිතූ ජන්ගුක්ත් ඔහු වෙත සිනාවකින් සංග්‍රහ කරන්න අමතක කලේ නෑ.
නමුත් ජන්ගුක් හිතූ පරිදි එ් හිනාව ඔහු වෙත නොවෙයි.
පෙර දින හිස්ව තිබූ ටේහ්යුන්ගෙ අසුනට අල්ලපු අසුනේ සිටි යමෙක් වෙතයි එ් හිනාව යොමු වූයේ.
එහි සිටි පුද්ගලාගෙ උරහිසට තට්ටුවක් දැමූ ටේහ්යුන් තම අසුන වෙත ගියේ, ඔහු වෙත යම් ඉඟියක් කර යමක් පෙන්වමින්.
ජන්ගුක්ට දැනුනෙ ටේහ්යුන් එම පුද්ගලයාට තමාව පෙන්වූ බවක්. නමුත් තවදුරටත් අනුමාන කිරීම් කර අපහසුවට පත් වීමට අවශ්‍ය නොවූ නිසාම ඔහු තම රාජකාරි අාරම්භ කිරීමට නැඹුරු වුනා.
" හෙලෝ ජන්ගුක්! අඳුනගන්න ලැබීම සතුටක්.. මං ජිමින්... මං ටේහ්යුන්ට එහා පැත්තෙ සීට් එකේ ඉන්න කෙනා..."
YOU ARE READING
Tomorrow with you
General FictionLife is always unpredictable. we don't know who we'll meet nor what will happen. JUST A Simple Taekook fan fiction.... hope you'll enjoy well. (First publish ended on 31st Dec 2020 Second publish: Start- 21st April 2021 ...