29th page

787 198 31
                                    

ටේහ්යුන් පිටව යන දෙස ජන්කුක් බලා සිටියේ හිස් බැල්මකින් යුතුව.

ඔහුගේ හදවත තුල පෙරලි කරමින් තිබුනෙ ඔහුටම පැහැදිලි කරගත නොහැකි පීඩාකාරී හැඟීම් සමුදායක්.

තමා දුකින් හා වේදනාවෙන් සිටින්නේ කුමන හේතුවක් නිසාවෙන් දැයි පවා ඔහුට සිතා ගත නොහැකි වුණා.

ඒ ටේහ්යුන් යන්නට ගිය නිසාද, නැතිනම් ඔහු තමාට උත්තර දුන්නෙ නැති නිසාද, එහෙමත් නැතිනම් තමාට පරණ මතකයන් අහිමි වීම නිසාදැයි ඔහුට තේරුම් ගත නොහැකි වුණා.

තවදුරටත් එ් ගැන කල්පනා කිරීමට නොහැකි වන තරමටම ඔහු මේ සියල්ල නිසා හෙම්බත්ව සිටියා.

අවසිහියෙන් මෙන් එතැනම තිබුණු පුටුවක හිඳගත් ඔහු නිසොල්මනේ බලාගත් අතම බලාගෙන සිටියා.

අඩු ගානෙ යුන්ගියි ජිමිනුයි තමන් ලඟට අාව බවක්වත් එයාට තේරුනේ නෑ.

" ජන්කුක්.. "

ජිමින් හෙමිහිට මිමිනුවා.

නමුත් ජන්කුක්ට එය නෑසුන ගානයි.

ජිමින් හිමිහිට ඔහු වෙත ලංවෙලා තම අතක් ඔහුගේ උරහිස මතින් තිබ්බා.

ජන්කුක් හිස ඔසවා ඔහු දෙස බැලුවා.

ඔහුගේ මුහුණේ තිබ්බෙ මහා අසරණබවක්. සහ වේදනාබර පෙනුමක්.

එ් දුටු ජිමින්ගෙයි යුන්ගිගෙයි හදවත් පවා දුකකින් සහ කනගාටුවකින් වෙලාගත්තා.

තම දයාබර මිතුරා මෙලෙස සිටිනු දැකීමට කොහොමටවත් ඔවුන් කැමති වුනේ නෑ.

ජන්කුක් නැවතත් කොහේදෝ අෑතක් දෙස අරමුණක් නැතුව බලා හිඳින්නට පටන් ගත්තා.

ජිමින්ට තවදුරටත් ඔහු දිහා මොකුත් නොකර බලාගෙන ඉන්නට පුලුවන්කමක් තිබුණේ නෑ.

ජන්කුක් අසලින් හිඳ ගත් ජිමින්, තමන්ගේ අාදරණීය මිතුරාව තමාට ලංකරගත්තා.

" හැමදෙයක්ම හිතේ හිරකරගෙන ඉන්න එපා. ඔයාට දුකයි නම් අඬන්න. එ්කෙන් සහනයක් ලැබෙයි. "

ජිමින් මෘදු ලෙස පැවසුවේ එයටත් වඩා කීමට වෙනත් යමක් සිතා ගත නොහැකි වූ නිසායි.

Tomorrow with youWhere stories live. Discover now