15th page

930 215 38
                                    

" ජිමින්, ඔයාට අැමරිකාවෙ යුනිවසිටි එකකට යන්න එහෙම අදහසක් තියනවද? "

ඩෙස් එක මත නිදා සිටි යුන්ගිට බාධා කරමින් සිටි ජිමින්ගෙන් ජන්ගුක් අැහුවා.

එය අැසූ සැනකින් ජිමින් එක්වරම ජන්ගුක් වෙත හැරුනෙ තම වැඩය පවා නතර කරමින්.

" අැයි ඔයාලගෙ ගෙදරිනුත් කිව්වද අැමරිකා යවනව කියලා... ? "

ජිමින් කිව්වේ මූන බෙරි කරගෙන.

ජන්ගුක් හිටියෙ බර කල්පනාවක.

ජන්ගුක්,  " බැරිවෙලාවත්.... ඔයාගෙ අයියලා ඉන්නෙත් අැමරිකාවෙ යුනිවසිටි එකකද? "

ජිමින්,  " අයියලා කියන්නෙ? මට ඉන්නෙ එක අයියයිනෙ... "

ජන්ගුක්,  " මං කිව්වෙ.... ඔයාගෙ අයියයි එයාගෙ යාලුවයි.. "

ජිමින්,  " හ්ම්ම්.. ඔව් එයාලා දැන් ගිහින් අවුරුදු දෙකක් විතර වෙනවනෙ... "

'අාහ්.... හරි එහෙනම් මට එයාව අායෙ එහෙදි හම්බෙන්න ඉඩ තියෙනවා.

හම්බුනේ නැත්තන් මං හරි ගිහින් හොයාගන්නම්කො.

එ්කෙන් අනාගතේ වෙනස් වෙන්නේ නෑනෙ, මට කොහොමත් කවදාහරි එයාව හම්බෙන්න තියන එකනෙ.

චුට්ටක් කලින් මුන ගැහුනා කියලා වෙනසක් වෙන එකක් නෑ. '

ජන්ගුක් හිතන්නට වුනා.

නැවතත් මේ කාලයට එ්ම ගැන ජන්ගුක්ට තිබුන ලොකුම ගැටලුව තමයි, මෙහිදී ටේහ්යුන් නොමැතිකම.

ඉන්නකොට මහා ලොකුවට අගයක් නැති වුනාට, පේන්න නැතුව දවසක් දෙකක් ගතවෙන කොට ජන්ගුක්ට ඔහු නැති පාලුව වඩවඩාත් දැනෙන්න ගත්තා.

" දැනට දවස් හතරක් වෙනවා... "

" අායෙත් එයාව දකින්න තියනව නම්... "

ඩෙස් එක මත නිකට තබා ගනිමින් ජන්ගුක් මිමිනුවා.

" කාවද ජන්කුක් ඔයාට දකින්න ඕනෙ?"

ජිමින් අහන විට, යුන්ගිත් හිස එසෙව්වා.

නමුත් ජන්ගුක් තවමත් ඔහුගෙ ලෝකෙමයි.

ඔහු සිතිවිල්ලේම දෑස් පියා ගත්තා.

" ටේහ්යුන්... "

Tomorrow with youWhere stories live. Discover now