17th page

966 212 39
                                    

ජන්ගුක් හිමින් සීරුවේ ටේහ්යුන්ගෙ දුරකථනය අතට ගත්තා.

එ්ත් ඉතින් එ්කෙ ලොක් එක අැරගන්න එපැයි අැතුලෙ තියන එ්වා බලන්න නම්.

ජන්ගුක් ලොක් එක අැරගන්න දුරකථනයත් අරන් හෙමිහිට ටේහ්යුන්ගෙ මුහුණ වෙත ලංවුනා.

හදිස්සි වෙන්න ගිහින් තව පොඩ්ඩෙන් ඔහුව ටේහ්යුන්ගෙ අැඟ උඩට කඩා පාත් වෙනවා.

ටේහ්යුන්ගෙ උරහිසට මදක් එහායින් සෝෆාවට තම නිදහස් අත අාධාරකයක් ලෙස තබා ගත් ජන්ගුක් අපහසුවෙන් සමබරතාව රැක ගත්තා.

සිදු වුන දෙයින් ඔහුගෙ හුස්මත් නැවතුනා වගේ.

තමා නූලෙන් බේරුන බව දැනුන ඔහුට නොදැනුවත්වම සැනසුම් සුසුමක්
පිටවුනා.

ටේහ්යුන්ගෙ මුහුනට අාසන්නව සිටි ඔහුට කවදාටත් වඩා අාදරණීයව එ් මුහුණ පෙනුනා.

ජන්ගුක් හුස්ම තද කරගෙන ඔහු දෙස බලා හිටියා.

එක අතකින් ෆාේන් එකත් උස්සගෙන, ටේහ්යුන්ගෙ අැඟේ වදියි කියලා එක කකුලකුත් උස්සගෙන කක්කුට්ටෙක් වගේ තනි කකුලෙන් හිටගෙන ඔහු ටේහ්යුන් දෙස බලාගෙන හිටියා.

ඔය අතරෙ තමා එක්වරම ඔහු ඉදිරියෙහි තිබූ දෑස් විවර වුනේ.

ජන්ගුක්ගෙ දෑසුත් එ් දෑස් අතර පැටලුනේ පුදුම විදිහට.

කලබල වුන පාරට ජන්ගුක්ගෙ ඉරියව්ව ගිලිහී වැටෙන්නට ගියා.

එ් සමඟම ටේහ්යුන්ගෙ අත ජන්ගුක්ගෙ බඳ වටා ගියෙ ඔහුව ටේහ්යුන් මතට අැද වැටීමට සලස්වමින්.

ටේහ්යුන් මතට පතිත වුන ජන්ගුක් හිස ඔසවා ඔහු දෙස බැලුවා.

ජන්ගුක් හිටියෙ ටේහ්යුන්ගෙන් බැනුමක් අහන්න සූදානම් වෙලයි.

නමුත් ඔහුගෙන් ලැබුනෙ වෙනස් ප්‍රතිචාරයක්.

ටේහ්යුන් තම වටිනාම වස්තුව දෙස බලන්නාක් මෙන් අාදරෙන් ජන්ගුක් දෙස බැලුවා.

ජන්ගුක් වෙත ලං වූ ඔහු ජන්ගුක්ගෙ නලල මත මෘදු හාද්දක් තිබ්බා.

ඉන්පසු ජන්ගුක්ව ඔසවා සෝෆාව මත හිඳවූ ඔහු පිටව ගියා.

ජන්ගුක් අැස් දෙකත් ලොකු කරගෙන, පිලිමයක් සේ හිටි තැනම ගල් ගැහී හිටියා.

Tomorrow with youWhere stories live. Discover now