20th page

964 208 22
                                    

පෙරදී දැනුන අපහසුව අතුරුදහන්ව අැති බව ජන්ගුක්ට දැනුනා.

නමුත් දෑස් හැර බැලීමට ඔහු තරමක් බිය වුනා.

තමා නැවතත් අතීතයට ගොස් අැත්දැයි ඔහු බියට පත්ව සිටියා.

" කුකී.. "

".. නැගිටින්න.."

" දැන්ම නැගිට්ටෙ නැත්තන් ඔයාට අදත් පරක්කු වෙයි.. "

ටේහ්යුන්ගෙ හඬ තම සවන් පත් අතරින් ගමන් කරන විට ජන්ගුක්ට දැනුනෙ පුදුමාකාර සතුටක්.

' එහෙනම් මං වෙන කාලෙකට ගිහින් නෑ මේ වතාවෙ... '

ජන්ගුක් උද්‍යෝගයෙන් යුතුව දෑස් අැරියෙ ඉක්මනින්ම ටේහ්යුන්ව දැකගන්නයි.

ටේහ්යුන් නම් හිටියා, නමුත්;

වෙනදා තිබුන තැන්පත්, පරිනත පෙනුම නෙවෙයි ඔහුගෙන් දිස්වුනේ.

ඔහු තමා දැක සිටි ටේහ්යුන්ට වඩා ලාබාල පෙනුමක් තියන කෙනෙක්.

හරියට එකපාරටම අවුරුදු කීපයක් පස්සට ගිහිල්ලා වගේ.

" ඔව්. එ්ක තමා... මං අායෙමත් අවුරුදු කීපයක් අතීතෙට ගිහින්. "

ජන්ගුක්ට කියවුනා.

නමුත් ටේහ්යුන්ට එය නෑසුන ගානයි.

ඔහු මොනවාදෝ තම බැක්පැක් එකට දමමින් හිටියා.

" කුකී... මං ඔයාට තත්පර පහක් දෙන්නම්. එ්ත් නැගිට්ටෙ නැත්තන් ඉතින් දන්නවනෙ වෙන දේ... "

ටේහ්යුන් ඔරලෝසුව පළඳින අතරතුර කිව්වා.

"කුකී!?!!. එදා වගේ උදේ පාන්දර හීතල වතුරෙන් නාන්න ඕනෙද.."

ටේහ්යුන් තමා පෙරදී සඳහන් කල දඬුවම මතක් කර දුන්නා.

ජන්ගුක් පුදුමයෙන් යුතුව ඔහු දෙස බලා හිටියෙ අගක් මුලක් නොතේරෙන කතාව තේරුම් ගන්න වෙර දරමින්.

' කවදද ටේහ්යුන් මාව සීතල වතුරෙන් නෑව්වෙ? මොනවද මේ වෙන්නෙ? කොහෙ යන්නද මට ලෑස්ති වෙන්න කියන්නෙ... '

ජන්ගුක් කල්පනා කලා.

" පහයි...හතරයි... "

මේ අතර ටේහ්යුන් ගනින්න පටන් ගත් බව ජන්ගුක්ට අැහුනා.

Tomorrow with youWhere stories live. Discover now