19th page

942 215 12
                                    

ජන්ගුක් උදෑසන අවදි වූ සැනකින් වටපිට පිරික්සුවේ, නුපුරුදු තැනක තමා සිටින බව දැනුන නිසයි.

තමා නැවතත් වෙනත් කාලයකට ගමන් කර අැත්දැයි ඔහුට බියක් දැනුනා.

ඔහු අැඳෙන් බිමට පැන, කාමරයෙන් පිටතට අාවා. විසිත්ත කාමරය දෙසට පැමිණි විට, තමා සිටින්නේ පෙරදින පැමිණි ටේහ්යුන්ගෙ නිවසේ බව ඔහුට සිහිවුනා.

තමාට පෙරදින රාත්‍රියේ විසිත්ත කාමරයේ වූ සෝෆාව මත නින්ද ගොස් අැති බවත්, කවරෙකු හෝ තමාව අැඳ වෙත ගෙන ගොස් අැති බවත් වැටහුනා.

මුලුතැන්ගෙය දෙසින් නැගුන කෑම සුවඳ නිසා ඔහුගේ දෙපා ඉබේටම එදෙසට ගමන් කලා.

හරි පුදුමයි!! ටේහ්යුන් කෑම හදනවා. හදනවාටත් වඩා මුලුතැන්ගෙයම කෑමවලින් සරසලා වගෙයි.

හැබැයි ඉතින් පිඟන්වල නෙවෙයි...මේසේ පුරාවටයි බිමයි හැමතැනම එලවලු කෑලිවලින් හැඩිවෙලා..

කර වෙච්ච ඔම්ලට් එකකුත් පිඟානක් මත තිබ්බා.

ටේහ්යුන් ජන්ගුක් සිටි දෙසට පිටුපා තාච්චියක මොනවාදෝ බදිමින් හිටියා. අැත්තටම නම් බදිනවා නෙවෙයි කර කරනවා කිව්වොත් තමා හරි.

පිටුපා සිටි නිසා ටේහ්යුන් ජන්ගුක් පැමිණි බව දැක්කෙ නෑ.

තමාගේ උදා අාහාරය කෙසේ වේදැයි හිතන විට ජන්ගුක්ට හිනා ගියා.

චිරි චිරි ගාමින් රත්වෙන තෙල් බිංදු කීපයක් අැඟට විසික් වීම නිසා ටේහ්යුන් එකවරම පිටුපසට පැන්නා.

මේ වගේ උඩ පැන පැන කෑම හදන කෙනෙක් දැක්කමයි.

ජන්ගුක්ට තවත් හිනා ගියා.

ඔෆිස් එකේදි කාත් එක්කවත් කතාවක් බහක් නැතුව ඉන්න අහංකාරයා, තමා වෙනුවෙන් බැරි බැරිගාතෙ කෑම හදනවා දැක්කම ජන්ගුක්ට පුංචි අාඩම්බරේකුත් දැනුනා.

පිටුපස්සෙන් ගිහින් ඔහුව බදාගන්නට ජන්ගුක්ට හිතුනා.

ඔහු ටේහ්යුන් වෙතට ලංවන විට, එ් බවක් නොදැන සිටි ටේහ්යුන් නැවතත් පිටුපසට පැන්නා.

Tomorrow with youWhere stories live. Discover now