ජන්කුක්ගෙ මුහුණ සතුටින් විකසිත වෙලයි තිබුනේ. එයා ටේව තදින් බදාගෙන හිටියෙ තමන්ගෙ මුලු ලෝකෙම දෑතට ලැබිලා වගෙයි.
" ඔයාට කලින් කියන්න තිබ්බනෙ කුකි කියන්නෙ මංමයි කියලා, එහෙනම් මං එ් තරම් බය වෙන්නෙ නෑනෙ... "
ජන්කුක් චෝදනා කලත්, ටේ තමාගෙම විතරමයි කියලා දැන් දන්න හින්ද එයාගෙ හිත පුදුමාකාර සතුටකින් පිරිලයි තිබුනේ.
" එ් මොනව වුනත් කමක් නෑ, දැන් මං දන්නවනෙ ඔයා මගෙම විතරමයි කියලා.. "
තරු කැට වගේ බබලමින් තිබූ දෑස්වලින් ටේහ්යුන් දෙස බලමින් ජන්කුක් පැවසුවා.
සතුට වැඩිකමටම එයා ටේගෙ කම්මුල මත පුංචි හාද්දක් තියන්නත් අමතක කලේ නෑ.
ජන්කුක්ගෙ සිනා පිරුණු මුව දැකලා ටේහ්යුන්ගෙ හිතත් සතුටින් පිරිලා ගිහිල්ලයි තිබුනේ.
ඔහු සෙනෙහස පිරුණු උණුසුම් බැල්මක් ජන්කුක් වෙත හෙලුවා.
කුකිව තම තුරුලට ගෙන තදින් වැලඳගත් ටේහ්යුන්, ඔහුගෙ හිස සිඹින්නට වුනේ කුකිගෙ එ් පහස නොමැතිව ගොඩක් කාලයක් පාලුවෙන් සිටි බව කියන්නට වගෙයි.
අැත්තටම කුකිව ලං කරගෙන අාදරෙන් හා සතුටින් ගෙවු කාලය නොමැතිව ඔහු ගොඩක් පාලුවෙන් තමයි හිටියෙ.
පෙරමෙන් කුකිව තමන්ට ලං කරගන්නට, ඔහුව සිපගන්නට, හුරතල් කරන්නට, ඔහු තුරුලේ හුරතල් වෙන්නට, ඔහුව තරහ ගස්සවා පුංචි සතුටක් විඳින්නට ඔහු අාසා කලා.
නමුත් අවාසනාවන්ත විදියට ජන්කුක්ගෙ මතකයෙන් ටේහ්යුන් සමග ගත කල සුන්දර දවස් පමණක් නොව, ඔහුවත් අමතක වෙලා ගියෙ ටේහ්යුන්ව තනියම එ් මතක විතරක් පිරුණු ලෝකෙක අතහැර දාලයි.
එ් හේතුව නිසාම තමාට කෙතරම් කනගාටුවක් දුකක් දැනුනත්, තමන්ගෙ පුංචි අාසාවන්වලට ටික කාලයකට සමුදෙන්නට ටේහ්යුන්ට සිදු වුනා.
එ් අතීතය නැවතත් සිහි වීම නිසා, ටේහ්යුන් තවත් තදින් කුකිව තුරුලු කරගත්තා. හරියට අායෙමත් කුකි තමන්ගෙන් අෑත් වෙලා යයි වගේ.
YOU ARE READING
Tomorrow with you
General FictionLife is always unpredictable. we don't know who we'll meet nor what will happen. JUST A Simple Taekook fan fiction.... hope you'll enjoy well. (First publish ended on 31st Dec 2020 Second publish: Start- 21st April 2021 ...