A torn page

835 200 46
                                    

A/N : only two more chaps..

Enjoy 😪
_________________________________________

මං හිටියෙ රේස් කාරයක් අැතුලේ.

මං සම්පූර්ණ අාරක්ෂිත අැඳුම් කට්ටලයකින් සැරසී සිටියෙ තවත් විනාඩි කිහිපයකින් අැරඹෙන තරඟෙකට ලෑස්ති වෙලයි.

ඔහු සුසුමක් පිට කර තරඟයට සූදානම් වීමට හිත සන්සුන් කරගත්තා.

" කමක් නෑ මේක අන්තිම පාර නෙ. ටේහ්යුන්, මට සමාවෙන්න; එකම එක පාරකට විතරක් මට එ් පොරොන්දුව කඩන්න වෙනවා. "

ඔහු තමාටම කියාගත්තා.

ඔහු කිව්වට ඔහුත් මාත් මේ වෙලාවේ එකම කෙනෙක් තමයි. මං තත්ත්වය තේරුම් ගත්තා.

මා අැවිත් හිටියෙ මං හැමවෙලේම හාෙයපු එ් සිදුවීම වුන අවස්ථාවටයි. නමුත් මට මේ වෙලාවෙ කරන්න පුළුවන් වෙන හැමදෙයක්ම දිහා බලන් ඉන්න විතරයි.

මොකද මේක අතීත සිදුවීමක්. මට වුවමනා වුනත්, අතීතයේ දේවල් වෙනස් කරන්න බෑ.

පහුගිය දවස්වල ලබපු අත්දැකීම් නිසා, මං වෙනදාට වඩා කලින් හැමදෙයක්ම තේරුම් ගත්තා.

එ් සමගම රථයෙහි පැති වීදුරුවට තට්ටු කරන හඬක් අැසීමෙන් මා එය පහත් කලා.

පිටත සිටියේ මැර පෙනුමක් තිබූ හැඩිදැඩි මිනිසෙක්. ඔහු තම අප්‍රසන්න දත් පෙල පෙන්නා විරිත්තීමක් වන් සිනාවක් පෑවා.

" හහ්. එහෙනම් අාවා නේද අන්තිමේදි? බයයි වගේ නම් දැන් වුනත් හැරිලා යන්න පුලුවන්. එ්ත් ඉතින් එතකොට ඔයාගෙ යාලුවව අපිට තියාගන්න වෙයි..."

ඔහු අැහැකින් ඉඟි කර සෙනඟ රැස්ව සිටි පෙදෙස දැක්වූවා.

එතකොටයි මං සෙනග අතරේ හිටිය ටේව දැක්කෙ. එයා හිටියෙ ගොඩක් කලබලෙන් වගේ.

" බයේ පැනලා යන්න ඕනෙ නම් මං මෙතෙන්ට එන්නෙ නෑනේ. "

කුකි, එහෙමත් නැත්නම් මං, එ් විදිහට පිලිතුරු දුන්නත් මගෙ හිත යටින් ටේහ්යුන්ට කුමක් හෝ කරදරයක් වේදැයි බියක් හටගත්තා.

සමච්චල් සහගත හිනාවක් මා වෙත පෑ මැරයා ඔහුගේ සගයන් වෙත පිටව ගියා.

Tomorrow with youWhere stories live. Discover now