third page

1.3K 240 26
                                    

තමා යා යුතු වූ 23 වන තට්ටුවෙන් විදුලි සෝපානයෙන් බැස ගත් ජන්ගුක් තම කාර්යාලය සොයා පියමැන්නා.

කාර්යාල ප්‍රධානියා තමාව අනෙක් පිරිසට හඳුන්වා දෙන විට නම් ජන්ගුක් හිටියෙ තරමක් ලැජ්ජාවෙන්. ලොකු පිරිසකගෙ දෑස් තමා වෙත යොමු වන සෑම විටදීම ඔහු ලැජ්ජාවෙන් හැකිලුනා.

තම නව සහෝදර කාර්යාල සේවකයින් හට තමාව හඳුන්වා දුන් ඔහු, ප්‍රධානියා පෙන්වූ අසුන වෙත ඉක්මන් ගමනින් ගියෙ තමා දෙස බලා සිටි පිරිසට කෙටි බැල්මක් හෙලමින්.

" ටේහ්යුන්, ඔයාගෙ යටතෙ තියා ගන්න අලුතෙන් අාව එක්කෙනාව මුල් දවස් ටිකේ..."

පුවරුවකින් වැසී ජන්ගුක්ට ඉදිරිපස අසුනෙහි සිටි ටේහ්යුන් වෙත කියූ කාර්යාල ප්‍රධානියා ඔහුගේ කාර්යාලය වෙත පිටව ගියා.

ජන්ගුක් ඉස්සෙමින් තමා ඉදිරියෙහි සිටි පුද්ගගයා දෙස බැලීමට උත්සාහ දැරුවත්, ඔහු නෙවෙයි ඔලුවවත් ඔසවා ජන්ගුක් දෙස බැලුවේ.

ඔහු හිටියෙ තම පරිගණකය වෙත නැවීගෙන යම් කාර්යයක නිරත වෙලයි.

ප්‍රධානියාගෙ කීමට අනුව තමා හරි නම් සිටිය යුත්තේ තමා ඉදිරිපිට සිටි ටේහ්යුන් නැමැත්තා අසල ඔහුගෙන් අනුදැනුම ලබමින් වුවත්, ඔහුගෙන් ප්‍රතිචාරයක් නොමැති නිසා ජන්ගුක් වටපිට බැලුවෙ තම අසල්වාසීන්ව හඳුන ගන්නටයි.

තමාට එහා පැත්තෙන් තිබුණු අසුන හිස්ව තිබුණේ, එහි හිමිකරු අද දින සේවයට නොපැමිණි නිසා විය යුතුයි.

එසේ සිතූ ජන්ගුක් පුටුවෙන් මඳක් කැරකී, පිටුපස අසුන් පෙල වෙත බැල්මක් හෙලුවා.

ඔහුට පිටුපසින් හිටි මැදි වයසෙ පුද්ගලයා නිදි කිරමින් සිටි අතර, ඔහුට පසෙකින් තිබූ අාසනවල හිටියෙ තරුණියන් පිරිසක්.

ඔවුන් දෙස බැලූ ජන්ගුක්ට වැටහුනේ ඔවුන් මෙතෙක් වේලා තමා දෙස බලා සිට අැති බවත්, මෙපමන වෙලාවක් ඔවුන්ගේ කතා මාතෘකාව වී සිට අැත්තේ තමා බවත්.

තමාගේ කඩවසම් පෙනුම නිසා කොතැනක ගියත්, අනෙකුන්ගේ දෑස්වලින් වසන්ව සිටීමට නොහැකි බව අත්දැකීමෙන් දැන සිටියත්, එ් සෑම විටම මෙන් මෙදිනත් ඔවුනට මුහුණ දීමට ජන්ගුක්ට මඳ ලැජ්ජාවක් අැති වුනා.

Tomorrow with youWhere stories live. Discover now