Chapter 5

1.8K 447 53
                                    

Third Person's View

දැන් සෝයූන් වැඩට ඇවිල්ලා මාසයක් විතර වෙනවා..සෝයූන්ට වැඩ වල වැඩියක් මිසක් අඩුවක් නම් නෑ.ඒකට හේතුව ජන්ග්කුක්ගෙ සෙකට්‍රි වගේම ඇසිස්ටන් වුණෙත් සෝයූන්..ඒත් කෙල්ල තමන්ට පැවරෙන හැම වැඩක්ම බොහොම හොදට ඉෂ්ට කළා..කොච්චර කළත් කෙල්ලගෙන්  වෙන පොඩි වැරද්දටත් ජන්ග්කුක් හිතක් පපුවක් නැති විදිහට කෑ ගැහුවා..සෝයූන් නොකරපු වැරදි වලටත් නොසෑහෙන්න කෙල්ලට බැන්නා..කෙල්ල හැමදේම ඉවසුවා..ඒ එයාගෙ අප්පාව සනීප කරගන්න මේ රස්සාවෙන් ලැබෙන වැටුප ගොඩක් වටින නිසා..

තමන්ගෙ ගෞරවේ ඇපේට තියලා මීට වඩා ලොකු මුදලක් හම්බකරගන්න අවස්ථා ඔින තරම් මේ සමාජෙ තිබ්බත් කෙල්ල ඒ දේවල් ගැන හිතන්නවත් බය වුණා..  ඒ කෙල්ලෙක්ට තියෙන වටිනාම ආභරණය ගෞරවය නිසා... කෙල්ලෙක්ගෙ ගෞරවේ කියන්නෙ අම්මා පරිස්සමට රැකගෙන ඇවිල්ලා දුවෙකුට දෙන ලස්සන තෑග්ගක්..සෝයූනුත් ඒ තෑග්ග ආදරෙන් රැකගත්තා..

අවුරුදු 17 ඉදන් තනියම ජීවත් වෙන්න පුරුදු වෙච්ච කෙල්ලට ඉවසීම කියන්නෙ අමුතුවෙන් උගන්නන්න අවශ්‍ය පාඩමක් නෙවෙයි...ජන්ග්කුක් ඒ ගැන දැනගෙන හිටියෙ නෑ..

 දවසින් දවස ජන්ග්කුක් කෙල්ලට වෛර කරන්න පටන් ගත්තා..මුලදි ජන්ග්කුක් ඒකට හේතුව දැනගෙන හිටියෙ නෑ..ඒත් ටික දවසක් යද්දි කොල්ලට ඒ හේතුව තේරුණා..

ජන්ග්මිව හම්බවෙන්න කලින් ජන්ග්කුක්ගෙ ජීවිතේ සෝයූන් වගේම කෙනෙක් හිටියා...එයා කොල්ලව දාලා ගියාට පස්සෙ ජන්ග්මි තමයි ජන්ග්කුක් ළගින් හෙවණැල්ල වගේ ඉදලා එයාගෙ හිත හැදුවෙ..ඒ දාලා ගිය කෙනාගෙ ගතිගුණ ඒ විදිහටම සෝයූන්ට පිහිටලා තිබ්බා..ඒ වගේම ජන්ග්මිගෙ හොද ගතිගුණත් සෝයූන්ට තිබ්බා..මේ හැම දේකින්ම ජන්ග්කුක්ව පිස්සු වැට්ටුවා..සෝයූන්ගෙ හිනාව  දකින හැම වෙලාවකම කොල්ලව පිච්චිලා යනවා වගේ දැනෙන්නෙ..ඒ නිසයි කොල්ලා හැමවෙලේම උත්සහ කළේ කෙල්ලගෙ හිනාව නොදැක ඉන්න..

සමහර වෙලාවට ජන්ග්කුක් ගොඩක් දරුණු වෙනවා..ජිමින්ටවත් මැදිහත් වෙන්න බැරි තරමටම කොල්ලා නපුරු විදිහට සෝයූන්ට සලකනවා..මොකද එළියෙදි ජිමින් ජන්ග්කුක්ගෙ හියුන් වුණාට ඔෆිස් එකේදි ජන්ග්කුක් කියන්නෙ ජිමින්ගෙ බොස්...ඒ වෙලාවට කොල්ලගෙ වැඩ වලට සම්බන්ධ වෙන්න පුළුවන් කමක් එයාට නෑ...ඒ වගේ වෙලාවට ජිමින්ට කරන්න පුළුවන් වුණ එකම දේ සෝයූන්ගෙ  හිත හදන එක විතරයි..

Love Blossom | Jungkook Centric | CompletedWhere stories live. Discover now