Chapter 13

1.7K 405 189
                                    

Third Person's View

ජන්ග්කුක් සෝයූන් එක්ක ඔම්මාව එක්කගෙන ගෙදර ගියා..ඒත් කෙල්ල ඔම්මා ගාවමයි..චේයොන් සෝයූන්ව අමාරුවෙන් කෙල්ලට වෙන් කරපු කාමරේට එක්කගෙන ගියෙ සෝයූන් එක දිගටම මහන්සි වෙලා ඉන්න නිසා ටිකක් නිදාගන්න කියලා..

කෙල්ලත් වොෂ් එකක් දාගෙන ඇවිත් සනීපෙට ඇදෙන් ඇලවුණා..ඒත් කෙල්ලට නින්ද ගියෙ නෑ...සිවිලිම දිහා බලාගෙන කෙල්ල කල්පනා කළේ අද උදේ වෙච්ච දේ ගැන..

සෝයූන් උදේ නැගිටිනකොට කෙල්ලට දැනුනා කෙල්ල කාටහරි හේත්තු වෙලා ඉන්නවා වගේ..එක අතක් කෙල්ලගෙ උරහිස වටේ ගිහින් කෙල්ලව තදට පපුවට හේත්තු කරගෙන..කෙල්ලට අමාරු වුණේ නෑ ඒ කවුද කියලා අදුරගන්න..

කෙල්ල හැදුවෙ එතනින් අයින්වෙන්න..ඒත් කෙල්ල යන්තමට හෙල්ලෙද්දිම ජන්ග්කුක් තව ටිකක් තද කරලා කෙල්ලව තුරුළු කරගත්තා..සෝයූන් මුකුත් නොකරම හිටියෙ ජන්ග්කුක් ඇහැරෙයි කියලා හිතලා..රිද්මෙකට ගැහෙන ජන්ග්කුක්ගෙ හදගැස්මට අවනත වෙලා කෙල්ල ඇස් පියාගත්තා..

ටිකකින් ජන්ග්කුක් නින්දෙන් නැගිටිනවා කෙල්ලට දැනුනා..ඒත් කෙල්ල හිටියෙ ඇස් පියාගෙනම නිදි වගේ..ජන්ග්කුක් කෙල්ලව ඈත් කරලා සෝෆා එකට හේත්තු කරා..තත්පර දෙක තුනක් කෙල්ලගෙ මූණ දිහා බලාගෙන ඉන්නවා කියලා කෙල්ලට දැනුනෙ මූණට වැදුණු හුස්ම රැල් නිසා..සෝයූන්ගෙ අවුල් වෙලා තිබ්බ කොණ්ඩෙත් දැනෙන නොදැනෙන ගානට පිළිවෙලට හදලා ජන්ග්කුක් රූම් එකෙන් එළියට යනවා කෙල්ල අහගෙන හිටියෙ..

සිවිලිම දිහා බලාගෙන හිටපු කෙල්ල ඇදෙන් නැගිටලා ගියෙ ජනේලෙ ගාවට..නිල් පාට අහස දිහා බලාගෙන කෙල්ල ලොකු සුසුමක් පිටකළා..ආයෙමත් පහළ බලද්දි කෙල්ල දැක්කෙ ගාඩ්න් එකේ ගහක් යට ගහට හේත්තු වෙලා වාඩි වෙලා ඉන්න ජන්ග්කුක්ව..

'ඇයි මෙහෙම කරන්නෙ ජන්ග්කුක්ෂී?මම කොහොමද මේ හැගීම තවත් හිර කරගෙන ඉන්නෙ?'

'සරන්ග්හේ ජන්ග්කුක්ෂී...මම ආදරෙයි ගොඩක්...'

'මම ඔයාට ආදරේ කළේ ඔයා මට වෛර කරද්දිමයි..ඔයා මට ළං වෙද්දි මට දැනෙන හැගීම විස්තර කරගන්න මට බෑ..'

Love Blossom | Jungkook Centric | CompletedWhere stories live. Discover now