Soo-yun's View
හොස්පිටල් එකේ ඉදන් ඇවිත් සතියක් විතර වෙනවා..මං දැන් ඉන්නෙ ජන්ග්කුක්ගෙ ගෙදර..දැන් මට ගෙදරකට කියලා තියෙන්නෙ මෙතන විතරයි..ගින්නෙන් අලු වෙලා තිබ්බ ගෙදර බලන්නවත් ජන්ග්කුක් මාව එක්කගෙන ගියෙ නෑ..මට යන්න පුළුවන් කමකුත්නෑ..කොහොමද මං උහුලන්නෙ?ලැබීම් එක්ක ගංගාවක් වගේ නොලැබීම් ගලාගෙන එද්දි..ඒ වෙලාවට හිතෙනවා මේ ජීවිතෙන් තියෙන ප්‍රයෝජනේ මොකක්ද කියලා..ඒත් ජීවිතේක තියෙන වටිනාකම ගැන මං අත්දැකලා තියෙනවා..අප්පාගෙන්ම..අප්පා සිහියක් පතක් නැතුව හොස්පිටල් ඇදක් උඩ මැෂින් ගොඩකට එයාගෙ ජීවිතේ භාර දීලා ඉන්න විදිහ මං අනන්ත වාරයක් දැකලා තියෙනවා..
එච්චර එහෙම තියෙද්දි ජීවිතේ ගැන ආසාව නැති කරගන්න බෑ මට..එක අතකින් අප්පා..අනිත් අතෙන් ජන්ග්කුක්..ඒ දෙන්නගෙ ආදරේ අතරෙ මං ඉන්නෙ හිරවෙලා..අප්පාගෙ ආදරේ නොපෙනුණත් මට ඒ ආදරේ දැනෙනවා..එතකොට ජන්ග්කුක්ගෙ ආදරේ..මට පේනවා..මම විදිනවා..
හිත කොච්චර සන්සුන්ව තියාගන්න උත්සහ කරත් මතකෙට එන්නෙම දායොන් මට පිහියෙන් ඇනපු විදිහ..එයා කොහාමද හිතක් පපුවක් නැති විදිහට මට එහෙම කරේ? එයා නිසා මට ඔම්මගෙයි අප්පාගෙයි කියලා තිබුණ හැම දෙයක්මත් නැති වුණා..එතකොට මගෙ ආදරේ??
මං මගෙ ආදරේ රැකගන්න ඔිනෙ..දායොන් ඉස්සරහ මං දුර්වල වෙන්න ඇති..ඒ මොන දෙයක් වුණත් ජන්ග්කුක්ට කරදරයක් වෙන්න දෙන්න බෑ..
"මැණික..ගුඩ් මෝර්නින්...ඔයා නැගිටිද්ද? ඇයි දැන්ම නැගිට්ටෙ?"ඇදට වෙලා කල්පනා කර කර හිටිය මම ජන්ග්කුක්ගෙ කටහඩට ගැස්සුණා..මම ජන්ග්කුක් දිහා බැලුවෙ යන්තමට හිනාවෙන ගමන්..ජන්ග්කුක්ගෙ අතේ තිබ්බෙ මගෙ බෙඩ් ටී එක..එයාගෙ අතින්ම තේ හදලා මං ගාවින් තියලා තමයි මාව නැගිට්ටවන්නෙ..
"ගුඩ් මෝනින් ජන්ග්කුක්.."හිතේ අවුල පුළුවන් තරම් නොපෙන්වා ඉන්න මං උත්සහ කළා..
"ම්ම්..දැන්ම වොෂ් එකක් දානවද?"ජන්ග්කුක් ඇහුවෙ ටී එක නයිට් ස්ටෑන්ඩ් එක උඩින් තියන ගමන්..
"අනී..මම පස්සෙ වොෂ් එකක් දාන්නම්..."මං කියද්දි ජන්ග්කුක් මං ගාවට ඇවිල්ලා මගෙ කොණ්ඩෙ පිටිපස්සට කරලා ගැට ගැහුවා..ජන්ග්කුක් මං ගාවින් වාඩි වෙලා මං ඇදගෙන හිටපු ටී ෂර්ට් එක යන්තමට උස්සලා තුවාලෙ දිහා විමසිල්ලෙන් බැලුවා..එයාගෙ මූණෙ මැවුනෙ කැළඹීමක්..
YOU ARE READING
Love Blossom | Jungkook Centric | Completed
Fanfictionමට ආදරෙයිද කියලා අහන්නෙ නැතුව.. මං ආදරෙයි කියලා විතරක්ම කියපු ආදරයක්.. Started-2021/03/11 Finished-2021/06/11