Chapter 15

1.8K 405 163
                                    

Third Person's View

උදේ නැගිටලා ගොඩක් වෙලා වුණත් සෝයූන් ඇදටම වෙලා හිටියෙ ලොකු කල්පනාවක ගිලිලා...ඊයෙ මුළු දවසම අඩපු එකමයි කරේ..ඒ මදිවට ජන්ග්කුක් ඊයෙ රෑ හැසිරුණු විදිහ..

කෙල්ල හිමීට නළල අතගාගත්තා..ඒ ඊයෙ රෑ ජන්ග්කුක් හාදුව දීපු තැන...දැන් නම් කෙල්ලට මේ හැගීම්වල පැටලිලා ඉදලා එපා වෙලා..කෙල්ල ඊයෙ රෑමයි කල්පනා කළේ හෙට සෝල් යන්න..තනියම.. කෙල්ලනම් ගොඩක් කැමතියි තවත් කල් මෙහෙටම වෙලා ඉන්න..ඒත් මේ වගේ හිතේ නිදහසක් නැතුව ඉන්නවට වඩා සෝල් ගිහින් ටිකක් තනියම ඉන්නකොට හොදයි..

මූණ හෝදගෙන කෙල්ල ගියෙ ඔම්මව හම්බවෙන්න..

"ඔම්මා...මං ඇතුළට එන්නද?" කෙල්ල කතා කළේ දොර ළග ඉදලා..

"එන්න සෝයූන්.."ඔම්මා කිව්වා..

සෝයූන් හිමීට දොර ඇරගෙන ගියා..ඔම්මා හිටියෙ ඇද උඩ වාඩි වෙලා..

"සෝයූන්...හොද වෙලාවට ආවෙ පැටියො..මට ටිකක් උදව් කරන්කො පුටුවෙන් වාඩි වෙන්න.."ඔම්මා අහිංසක විදිහට හිනා වෙලා කිව්වා..

"එන්න ඔම්මා..මං වාඩි කරවන්නම්.."කියපු කෙල්ල ඔම්මාව අල්ලගෙන ගිහින් ජනේලෙ  ගාව පුටුවෙන් වාඩි කෙරෙව්වා.. කෙල්ලත් එතනම දණ ගහගෙන වාඩි වුණා..

"සෝයූන්..ඔයාට පෙන්නන්න දෙයක් තියෙනවා...අර ඇල්බම් එක ගන්නකො..ඔම්මා කිව්වෙ මේසෙ උඩල තියලා තිබ්බ ඇල්බම් එක පෙන්නලා..."සෝයූන් ඇල්බම් එක අරගෙන ඔම්මට දුන්නා..

ඔම්මා එකින් එක ෆොටෝ කෙල්ලට පෙන්නුවා...සෝයූන්ට හිනාගියෙ  ජන්ග්කුගෙයි චේයොන්ගෙයි ෆොටෝ එක දැකලා..

සෝයූන්ට හිනාගියෙ  ජන්ග්කුගෙයි චේයොන්ගෙයි ෆොටෝ එක දැකලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඔම්මා..මේ දෙන්නා හරිම හුරතල්..."කෙල්ල කිව්වා නෙමෙයි..කියවුණා.

Love Blossom | Jungkook Centric | CompletedWhere stories live. Discover now