Jungkook's View
ඔම්මා...මං මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරපු ගෑනු චරිතයක්..ඇත්තටම මං අනිත් අයට වඩා අවාසනාවන්තයි වගේම වාසනාවන්තයි...මට ඔම්මලා දෙන්නෙක් ඉන්නවා..
මගේ පළවෙනි ඔම්මා මාව දාලා යද්දි මට යන්තම් අවුරුදු තුනක් විතර ඇති...එච්චරවත් නැද්ද මන්ද..ඒ කාලෙදි මගෙ මතකෙ තිබුණෙ ඔම්මා හැමවෙලේම වගේ බෙහෙත් බිව්ව හැටි,ඔම්මගෙ කටින් ලේ ආපු හැටි,පාන්දරත් ඔම්මා මහ සද්දෙට කහින විදිහ...ඒ දේවල් නිසා මාව කඩාගෙන වැටුණා..
එක දවසක් මගෙ ඔම්මා මාව දාලා යන්නම ගියා..ආයෙ නොඑන්නම..අප්පා,හැල්මොනි,හරාබොජි ඒ කාටවත් බැරි වුණා මගේ තනිය මකන්න..එතකොට මගෙ ජන්ග්මිට අවුරුද්දක් විතර..මං ඉදලා හිටලවත් කතා කළේ ජිමින් හියුන්,ටේ හියුන් දෙන්නා එක්ක විතරයි..ඒක මගේ ජීවිතේ මං ගෙවපු අමාරුම කාලයක්...
ඒ අතරේ තමයි මගේ අප්පා අළුත් ඔම්මා කෙනෙක් එක්කගෙන ආවෙ..චෝහි ඔම්මා..මුල් දවස් වල මං ඒ ඔම්මාව ගණන් ගත්තෙ නෑ..මම හිතුවෙ මගේ ඔම්මගෙ තැන වෙන කාටවත් දෙන්න බෑ කියන එක විතරයි..මට දැනුනෙ මාව තනි වෙනවා වගේ..ඒත් ඒ ඔම්මා මට එන්න එන්නම ළං වුණා..මං රෑට මගේ කාමරේට වෙලා තනියම අඩද්දි චෝහි ඔම්මා මං ගාවට ඇවිල්ලා මාව තුරුළු කරගෙන ඉන්නවා..මුළු රෑම මගේ ඔළුව අතගගා මගේ ගාවට වෙලා ඉන්නවා..
ටිකෙන් ටික මං ඔම්මට ආදරේ කරන්න ගත්තා...ගොඩක්..මගේ ඔම්මට තරම්ම මං ඒ ඔම්මටත් ආදරේ කළා..චෝහි ඔම්මා කියලා කතා කරපු මම පස්සෙ ඔම්මා කියලම කතා කළා..ඒත් මං හිතාගන්න බැරුව හිටියෙ කොහොමද තමන්ගෙ නොවන දරුවෙකුට එච්චර ආදරයක් දෙන්නෙ කියන එක..මම සම්පූර්ණයෙන්ම ඔම්මගෙ පුතා වුණා..අප්පටත් වඩා මම ඔම්මට සමීප වුණා..
එක දවසක් මම නිදාගන්න ඔම්මා ගාවට යනකොට මට ඇහුණා ඔම්මාගෙයි අප්පගෙයි කතාව...
"කුමාවො චෝහියා...මගෙ පුතාට හොද අම්මෙක් වුණාට..එයාට දැන් ඔයාගෙන් තොර ලෝකයක් නෑ..ජන්ග්කුක් මටත් වඩා දැන් ඔයාට ආදරෙයි වගේ.."අප්පා කිව්වා.
"යා...ජන්ග්කුක් කියන්නෙ ඔයාගෙ විතරක් නෙමෙයි..ඒ මගෙත් පුතා..දැන් මම එයාගෙ ඔම්මා..ඉතිං මං මගේ පුතාට ගොඩක් ආදරෙයි.."ඔම්මා කිව්වම මට දැනුනෙ ලොකු සතුටක්..
YOU ARE READING
Love Blossom | Jungkook Centric | Completed
Fanfictionමට ආදරෙයිද කියලා අහන්නෙ නැතුව.. මං ආදරෙයි කියලා විතරක්ම කියපු ආදරයක්.. Started-2021/03/11 Finished-2021/06/11